පරිසරය සුරැකීමේ හොඳම ක්‍රමය පාරිභෝගික ඔබේ අතේ ..
මිනිසා කියන සත්වයා මේ ලෝකේ අංගයක් නොවුනානම් , මිට අවුරුදු දහස් ගානකට කලින් තිබුණ වනාන්තර, ඇල දොළ ගංගා අපවිත්‍ර නොවී කොයිතරම් හොඳට තියෙන්න තිබුනද. සමහරවිට ඔය වඳ වෙලා ගියා කියන සමහර සත්වයින් පවා අදටත් ඉන්න තිබුන නේද? මුලින්ම බිහිවුන මිනිසා වගාවක් කරන්න , ඉන්න ගෙයක් හදන්න ගහක් කපන ක්‍රියාවලිය තමයි කුඩාවට උනත් පරිසර දුෂණයේ ආරම්භය. මිනිසාගේ ක්‍රියාවලියන් පහසුකරන්න ගහක් කපල රෝදයක් හදපු මිනිසා තමයිලු ලෝකේ පළමු ඉංජිනේරුව. ජනගහනය ටික ටික වැඩි වෙද්දි , වැඩි වඩියෙන් පහසුකම් සොයද්දී මේ වගේ ඉංජිනේරුවෝ සමාජයට වැඩි වැඩියෙන් ඕනි උනා. මිනිස් ජනගහනය වැඩිවෙලා අවශ්‍යතාවන් වැඩි වෙනකොට, මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා වලට වඩා , වෙනත් ආශාවන් වැඩි වෙන්න පටන් ගත්දී බිහිවුන වෙළඳ ලෝකේ අවශ්‍යතා සපුරන්න , ඉවක් බවක් නැතිව ස්වභාවික සම්පත් විනාශ වෙන්න පටන් ගත්ත. එතනින් තමයි පරිසර දුෂණය මාතෘකාවක් බවට පත්වෙන්නේ .එත් එක්ක තමා පරිසරය රැකගන්න පරිසරවේදින් බිහිවන්නේ. දැන් ඔන්න ඉංජිනේරුවගෙයි පරිසරවේදියගෙයි ඉවරයක් නැති වාදය ආරම්භ වෙනවා. මිනිසාගේ යම් අත්‍යවශය ක්‍රියාවලියක් පහසු කරන්න ඉංජිනේරුවා යම් සංවර්ධන කටයුත්තක් ගේනවා , පරිසරවේදියා එම කටයුත්තෙන් පරිසරයට වෙන හානිය පෙන්වල මේක නවත්වන්න වෙරදරනවා. මේ ගැටුමතුල පරිසරය සහ සංවර්ධනය අතර යම් තුලිත බාවයක් හටගන්නා නිසා දෙපාර්ශයම අවංක චේතනාවකින් කටයුතු කරනතාක් මෙයින් අවැඩක් වෙනවා කියන්න බෑ .
මුලින් මේ දෙන්නගෙම චේතනා ඉතා අවංක උනත් පසුකාලීනව මේ දෙන්නත් වෙළඳ ලෝකේ තියෙන ප්‍රවාහයන්ට ගොදුරුවෙනවා. ඉන්ජිනේරුව අත්‍යවශ්‍ය දේවල් වගේම විනාශකාරී ආයුධ සහ ජිවත් වෙන්න අත්‍යවශය නොවන උපාංග ( අධි සුඛෝපභෝගී වාහන , අලුත්ම මාදිලියේ ජංගම දුරකතන වැනි දෑ ) හැදුව. පරිසරවේදිනුත් දෙකොට්ටාශයක් බිහිඋනා. අවංකවම පරිසරය රැකගැනීම වෙනුවෙන් බොහොම අල්පේච්ච ජිවිතයක් ගතකරමින්, කැලෑවල , මඩ වගුරුවල , මුහුදේ කාලය ගතකරමින් පරිසරය වෙනුවෙන් ජීවිතය කැපකරන ස්වල්පයක්වූ කොටස සහ අනෙක අර අවංක පරිසරවෙදියගේ සරල භාහිර පෙණුම පමණක් ආරුඪ කරගෙන, බටහිර පන්නයේ රාජ්‍ය නොවන සංවිධානයක් ( NGO එකක් ) අටවාගෙන ඒක බඩ රස්සාව කරගත් කොට්ටාශය. අද වෙනකොට සාමාන්‍ය ජනතාවට තම මුලික අවශ්‍යතා මොනවද, අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්ත මොනවද, අත්‍යවශ්‍ය නොවන දේ මොකක්ද , අවංක පරිසර වේදියා කවුද හෝ බඩගෝස්තර පරිසරවේදියා කවුද හොයාගන්න බැරි ඉතා සංකීර්ණ තත්ත්වයක් තියෙන්නේ.
පරිසරය , සංවර්ධනය සහ විදුලිය
සියලුම ආකාරයේ සංවර්ධන කටයුතු සහ ඊට සමගාමිව එන පරිසර ගැටළු කතාකිරීමට ලොකු කාලයක් අවශ්‍ය නිසාත්, විශේෂයෙන් තමන් දන්නා වපසරියෙන් එහාට යාම වෘර්තිමය නොවන නිසාත් , විදුලි ඉංජිනේරුවෙකු වන මන් හිතුව විදුලි නිෂ්පාදනය, විශේෂයෙන් තාප බලාගාර සම්බන්ධ හා පරිසරය බලපෑම් ගැන කතාකරන්න.
රටක් භෞතික වශයෙන් දියුණුවනකොට අනිවාර්යෙන් විදුලි ඉල්ලුම ඉහල යනවා. ඒ ඉහල යන ඉල්ලුම සපුරන්න වැඩිපුර විදුලි බලාගාර හදන්න වෙනවා. මොන ආකාරයේ බලාගාරයක් හැදුවත් එහින් පරිසරයට අඩු වැඩි වශයෙන් බලපෑමක් වෙනවමයි. එහෙම නොවෙන කිසිම ක්‍රමයක් නෑ . උදාහරණයක් වශයෙන් ගත්තොත් සැබෑ පරිසරවේදීන් වගේම , සූර්ය බලශක්ති ව්‍යාපාරයේ යෙදෙන අය විශාල ප්‍රචාරයක් ගෙනියනවා සුර්ය බලාගාර ඉතාම පරිසර හිතකාමී කියල. බැලූ බැල්මට නම් එහෙම තමයි. නමුත් මේක හොඳට අධ්‍යනය කලොත් පැහැදිලිවෙනවා එක එහෙමම නෙවෙයි කියල. මොකද පෙරදී ඉතා වැඩි අගයක තිබුන සුර්ය පැනල මිල අඩුවීමට ප්‍රධාන හේතුවක් වෙලාතියෙන්නේ දැන් ලෝකේ සුර්ය පැනල ඉල්ලුමෙන් 80% විතරම සපයන්නේ චීනය වීම. චීනය තමන්ගේ විදුලි නිෂ්පාදනයෙන් 70% කට වඩා , අඩුමිල ගල් අඟුරු භාවිතයෙන් නිපදවන්නේ. එතකොට මේ අඩුමිල ගල් අඟුරු භාවිතයෙන් තමා ලෝකෙටම අඩු වියදමකින් මේ පැනල හදන්නේ. එතකොට ගෝලීය උෂ්ණත්වය ඉහළයාමට ලොකුම දායකත්වයක් සපයන රටක් තමයි චීනය කියන්නේ. ඉතින් මේ දාමය හොඳට බැලුවම පැහැදිලි වෙනවා සමස්ථයක් ලෙස ගත්තම සුර්ය බලාගාරත් සෑහෙන පරිසර බලපෑමක් කරනවා කියල. ඒ වගේම ලංකාව ඇතුළු බොහෝ රටවලට මේ සුර්ය පැනල අවුරුදු 20-25 ක ආයු කාලය නිම කරලා කොහොමද පරිසරයට හානි නොවන විදියට බැහැර කරන්නේ කියල කිසිම සැලැස්මක් නෑ . මෙයට අසන්න හොඳම උදාහරණය තමයි බලශක්ති සංරක්ෂණය මගින් පරිසරය රැකගමු කියල 1990 දශකයේ CFL බල්බ තොග පිටින් අපිට පටවපු බටහිර රටවල් , අද එහි තියෙන රසදිය පරිසරයට විශාල ප්‍රශ්නයක් කියල තහනම් කරලා. ලංකාවෙත් නිසි ආකාරයෙන් ඒවා බැහැර නොවන නිසා ඇතිවන පරිසර බලපෑමක් තියෙනවා. ඒ වගේම තමයි ගෝලීය උණුසුම වැඩිකරන කාබන් ඩයොක්සයිඩ් නමැති හරිතාගාර වායුව නිකුත් කරන ගල් අඟුරු බලාගාර වලට වඩා ස්වභාවික වායු (LNG) බලාගාර හොඳයි කියල LNG නිෂ්පාදකයෝ ගෙනියන ප්‍රචාරයට අපේ නායකයින් ඇතුළු බොහෝ දෙනෙක් රැවටිලා තියෙන්නේ. නමුත් ස්වභාවික වායුවෙත් ආපස්සට ගිහින් මුළු ජාලයම බැලුවම නිකුත් කරන හරිතාගාර වායුවේ කිසිම වෙනසක් නෑ . මොකද ස්වභාවික වායු දහනයේදී නිකුත්වන කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රමාණයෙන් ගල් අඟුරු වලට වඩා අඩුවුනාට , ස්වභාවික වායු නිෂ්පාදනයේ, ප්‍රවාහනයේ සහ භාවිතයේති කාන්ඳු වන ස්වභාවික වායු අනුවක් කාබන් ඩයොක්සයිඩ් අනුවකට වඩා තිස් ගුණයකින් හානිකර හරිතාගාර වායුවක්. ඉතින් මෙහෙම හොඳින් විශ්ලේෂණය කරලා බැලුවම පරිසර බලපෑමක් නොවන කිසිම විදුලි නිෂ්පාදන ක්‍රමවේදයක් නැති බව අපිට පැහැදිලියි.
මේ තත්වය යටතේ රටක් වශයෙන් අපිට තෝරාගන්න ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා.
පළමු සහ හොඳම මග.
අපිට පුළුවන් නම් අර මිට අවුරුදු 30 -40 කලින් ලංකාවෙත් තිබුන, භූතානය වගේ රටවල දැනුත් තිබෙනව කියන, අල්පේච්ච ජිවිතයකට හුරුවෙන්න , අලුතින් බලාගාර ඕනිම නෑ. ඒ කියන්නේ ගෘහස්ත පාරිභෝගිකයා තමන්ගේ ජිවන රටාව වෙනස් කරගෙන ශීතකරණ , විදුලි පංකා , වායුසමීකරණ වැනි අත්‍යවශ්‍ය නොවන නොයෙකුත් විදුලි මෙවලම් වලින් මිදිලා , විදුලි බල්බය, රේඩියෝව සහ කුඩා රූපවාහිනියට පමණක් සිමාවෙන්න, විදුලි ඉල්ලුම පහල දන්න පුළුවන්. දකින දකින ලස්සන ඇඳුම් , නතවතම මාදිලියේ රථ වාහන, ජංගම දුරකථන වගේ දේවල් වලිනුත් මිදෙන්න ඕන. මොකද ඒවා නිෂ්පාදනයට සැහෙන්න විදුලියක් භාවිතා වෙනවනේ. ඒ වගේම වනාන්තර කපල දුෂ්කර ගම්මාන හැදෙන්න ඉඩ ඇරලා ඒවාට තාර පාරවල් සහ ප්‍රධාන පද්ධතියෙන් විදුලිය ලබාදෙන ක්‍රමය වෙනස් වෙන්න ඕනි. අඩුමගානේ එහෙම ගම්මාන ඉදිරියේදී හැදුනත් නේපාලය, භූතානය වැනි රටවල වගේ එම ගම්මාන වලට විදුලිය සැපයීම ප්‍රධාන පද්ධතියෙන් බැහැරව සුර්ය පැනල වලට සිමා කරන්න වේවි . ප්‍රාදේශීය දේශපාලකයින්ටත් කැලැ කපල හදන ගම් වලට ලයිට් අරන් දීල ජනප්‍රිය වෙන එක පැත්තක තියල වෙනත් සුභසාදන වැඩට බහින්න වෙයි.
ඊට වඩා ලොකුම ප්‍රශ්නය තියෙන්නේ කොහොමද තරුණ පරම්පරාවට රැකියාවක් ජිවනෝපායක් සලසන්නේ කියල. මොකද රජයේ සම්ප්‍රදායික ක්‍රමය තමයි ලංකික නැතිනම් පිටරට ආයෝජකයින්ට කියල හරි නොයෙකුත් කර්මාන්ත , හෝටල් වගේ ව්‍යාප්ති ඇතිකරලා ඒ හරහා රැකියා උත්පාදනය. එතකොට රජයට පුළුවන් නම් ඒ වගේ සම්ප්‍රදායික ක්‍රමමගින් රැකියා බිහිකරන්නේ නැතිව , විශාල වශයෙන් විදුලිය අවශ්‍ය නොවන විකල්ප මාර්ග වලින් ( තොරතුරු තාක්ෂනය වගේ) තරුණයින්ට රැකියා බිහිකරන්න, දැනට තියෙන බලාගාර ප්‍රමාණය හොඳටම ඇති.
නමුත් මේ තීරණ ගන්න ඕනි විදුලි ඉංජිනේරුවෝ නෙවෙයි .ඒ තීරණය ගන්න ඕන ඔබ, එහෙම නැත්නම් රටේ මහජනතාව. මහජනතාව ඊට සුදුසු රජයන් පත්කරන්න ඕනි. "අල්පේච්ච ජිවිතයක් හරහා සොභාදහම රැකගමු " කියන තේමාව යටතේ එන පක්ෂයකට හෝ දේශපාලන නායකයෙකුට ඔබ ඔබේ ජන්දය ලබා දෙනවාද ? බොහෝ දෙනෙක් ඔව් කියයි. අපි හැමෝම මේ ක්‍රමේට එකඟ වෙනවනම් ප්‍රශ්නය මෙතැනින් ඉවරයි. එහෙනම් මේ ලිපියෙත් මෙයින් එහාට ලියන්න දෙයක් නෑ.
නමුත් එසේ ඔව් කිවූ ඔබෙන් ඇහුවොත් එහෙනම් හැමදාම රෑට දාන විදුලි පංකාව , වායුසමීකරණය නොදා මින් ඉදිරියට නිදාගන්න ලෑස්තිද ? කාර්යාලයට අඳින ඇඳුම ඉස්තිරික්ක කරන්නේ නැතිව අඳින්න කැමතිද කියලා , අර පළමු ප්‍රශ්නෙට ඔව් කියපු කිදෙනක් මේකට ඔව් කියයිද ? දුෂ්කර ගම්මානෙකට ලයිට් ඕන කිව්වම , අපි පරිසරේ වෙනුවෙන් විදුලි ඉල්ලුම අඩුකරන්න සහ ගස් කපල වයර් අදින එක නවත්වන්න , සූර්ය පැනලදාල බැටරියක් චාර්ජ් කරලා පොඩි එකාගේ පාඩම් වැඩට විතරක් ලයිට් එකක් දාගන්න පුළුවන් ක්‍රමේකට යමු කිව්වොත් , ඒ දේශපාලකයට පාර්ලිමේන්තු තියා ගම් සභාවටවත් යන්න පුළුවන් වෙයිද.
ඉතින් ඔබට පැහැදිලිද මේ පරිසර දුෂණය වලක්වන්නේ නෑ කියල දේශපාලකයට හරි, ඉංජිනේරුවට බැන්නට හොඳම විසඳුම තියෙන්නේ ඔබ අතේ කියලා.
දෙවන සහ දැනට යන මග (පරිසර හිතකාමී නොවන )
හොඳම විසඳුම කලින් කිව්ව විදිය උනත් ඒ ක්‍රමය ඔබෙන් පටන් අරන් දේශපාලකයා නැතිනම් ආණ්ඩුව හරහා එය ක්‍රියාත්මක කරනතුරු නිරන්තරයෙන් වැඩිවෙන ඉල්ලුම සපයන්න ඉංජිනේරුවෝ රාජකාරිමය වශයෙන් බැඳීල ඉන්නවනේ. ඉතින් එතැනදී අකමැත්තෙන් උනත් බලාගාර හදන්න වෙනවා. ඒ සඳහා කුමන බලාගාර මොන කාලවලදී එන්න ඕනිද කියල විසි අවුරුදු සැලැස්මක් හදනවා. බලශක්ති සුරක්ෂිතතාව , වියදම , පද්ධතියේ සමතුලිතතාව, පරිසර බලපෑම ආදී සියලු කරුණු දේ ඒ සලස්මේදී සලකා බැලෙනවා. එක කරන්නේ ඒ සඳහාම පුහුණුව ලැබූ ඉංජිනේරුවෝ. ඔබට අර පළමු හොඳ ක්‍රමේට යන්න අපහසු නම් , ඊළඟට තියෙන්නේ විදුලි බල පද්ධති පිළිබඳව මහ ජනතාවගේ මුදලින් උගන්වල, පුහුණු කරපු කණ්ඩායමට ඒක බාරදීලා , පුළුවන් උදව්වක් කරලා රජයට ඒ අයගේ උපදෙස් ක්‍රියාත්මක කරන්න කියල බල කරන එකයි. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ පරිසරේ රැකගන්න කලින් කිව්ව හොඳම විසඳුම ජනතාව අතේ තියාගෙන එක ක්‍රියාත්මක නොකර, අර සැලැසුම් හදන, බලාගාර හදන , නඩත්තු කරන ඉංජිනේරුවන්ට උපදෙස් දෙන බොහෝ පිරිසක් සමාජයේ ඉන්න එකයි. විදුලි පද්ධතියක මුලික අංග, සමබරතාවය ගැන මූලික දැනීමක් නොමැතිව අන්තර් ජාලයෙන් , සමාජ මාධ්‍යවල ප්‍රචාරයවන නොයෙකුත් දෑ අවිධිමත්ලෙස තේරුම්ගත් තොරතුරු තාක්ෂණ වේදින් වගේ වෙනත් වෘතිකයින් , පරිසරවේදීන් , ව්‍යාපාරිකයින් සහ දේශපාලකයින් පවා අපිට උපදෙස් දෙනවා කොහොමද තාප බලාගාර හදන්නේ නැතිව සුර්ය, සුළං සහ මූදු රල මගින් රටේම විදුලි ඉල්ලුම 100% ක් 2030 වෙනකොට දෙන්නේ කියල.
දැන් අර කොරෝන වසංගතය අපු වෙලාවේ මුලින් නොයෙකුත් වාද විවාද , දුර්මත තිබුනත් මරණ බය නිසා අවසානයේ ජනතාවට සහ ආණ්ඩුවට වසංගත රෝග පිලිබඳ විශේෂ දොස්තරවරුන්ට ඇහුන්කන් දෙන්න උනානේ. විදුලි සැලසුම එක්ක සෙල්ලම් කරාමත් ඇත්ත වශයෙන් මරණ ගොඩක් සිද්දවෙනවා .නමුත් එක වක්‍රා කාරයෙන් සහ දීර්ඝ කාලිනව සෙ සිදුවන නිසා අපෙ හදවතට එක දැනෙන්නේ නෑ , ඒ මරණ සිදුවන්නේ රට ආර්ථික අගාදයකට යාම හරහා, සරලව කිව්වොත් දුප්පත්කම හරහා. කොරෝනාවෙන් මැරෙනවා වගේ කෙටි කාලයකදී ක්‍ෂණිකව හිතට වදින විදියට සිද්ද නොවෙන එක විතරයි වෙනස. ඒ නිසා ඕනෑම ප්‍රශ්නයකදී, අදාල විෂය පිළිබඳ ඉගෙනගෙන, පුහුණුව ලබල ඉන්න පිරිස තමයි ඒ තත්වයට මුලිකවම කටයුතු කරන්න ඕන. කොරෝනාවෙදී නම් අනිත් රටවල මිනිස්සු මැරෙන විදිය දැකල අපි දොස්තරවරු දීපු උපදෙස් පිළිපැද්දනේ. නමුත් අවාසනාවකට ඉංජිනේරුවෝ යෝජනා කරපු අරුවක්කලු කසල අංගනය ගැන කොළොන්නාවේ මිනිස්සු කුනුකන්දට යටවෙලා මැරෙනකන්ම අපි වාද කලානේ. අදටත් වාදේ ඉවර නෑ .
නිවැරදි බලාගාර සැලැස්ම හරහා පරිසර ප්‍රශ්න අවම කිරීම
පරිසරය කිව්වම මේක නොයෙකුත් තලයන්ගෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ
1 අන්තර් ජාතික පරිසර ප්‍රශ්න - ලෝකයේ උණුසුම වැඩිවීම , සාගර මට්ටම ඉහල යාම , ඕසෝන් ස්ථරය හීනවීම වගේ දේවල්
2. රටට බලපාන පරිසර ප්‍රශ්න - වායු දුෂණය , වෙරල දුෂණය, කෘෂිකාර්මික රසායනික ද්‍රව්‍ය නිසා භූගත ජල දුෂණය සහ එහා සබැඳි භයානක සෞඛයමය ප්‍රශ්න
3. ප්‍රාදේශීයව සිදුවන පරිසර ප්‍රශ්ණ - කර්මාන්ත ශාලාවක් හෝ විදුලි බලාගාරයක් අවට ගම ප්‍රදේශයට වන බලපෑම්.
ඔය නොම්මර එකට තියෙන ගෝලීය උණුසුම වැඩිවීම මිනිසා ඇතුළු සියලු සත්වයින්ට බලපාන මහා විශාල ප්‍රශ්නයක්. විශේෂයෙන් මුහුදු මට්ටටම වැඩිවෙලා තව අවුරදු 50ක් 60ක් යත්දී මාලදිවයින වගේ රටවල් නැතිවෙන්නත්, ලංකාවේ වෙරල ආශ්‍රිත බිම් ප්‍රමාණයක් මුහුදට බිලිවෙන්නත් පුළුවන් සම්භාවිතාවක් තියෙනව. අපේ ගොඩක් අර පිටරට NGO වලින් පැවැත එන බටහිර පන්නයේ පරිසරවේදීන්ගේ ප්‍රධානම මාතෘකාව තමයි ඕක. ඒක ඉතාම වැදගත් මාතෘකාවක තමයි නමුත් අපි අපේ සියළු බලාගාර නවත්වල අතීතයේ වගේ රාත්‍රියට කැකුණ තෙල් පත්තු කරන හිටියත් , ඉතා කුඩා රටක් වන ලංකාවට මේකට දැනෙන මට්ටමේ දායකත්වයක් දෙන්න අමාරුයි. මේකට ලොකුම දායකත්වයක් දෙන්න ඕනි චීනය , ඇමෙරිකාව සහ ඉන්දියාව වගේ ලෝකේ ලොකුම පරිසර දුෂකයින්. එකෙන් මම කියන්නේ නෑ , ලෝකය බේරා ගැනීමේ සටනින් අපිට දෙන්න පුළුවන් කුඩා හරි සහයෝගය නොදී හිතුවක්කාර ලෙස ඉන්න ඕනි කියල. නමුත් ලංකාව කියන්නේ විදුලි නිෂ්පාදනය අතින් පරිසරය රකින පැත්තේ ඉහලින් හරියේ ඉන්න රටක්. ඒ කියන්නේ 100% ක් ජනතාවට ප්‍රධාන සැපයුමෙන් විදුලිය ලබාගත හැකි තත්වයේ ඉන්න රට අතර , පුනර්ජනනීය ප්‍රභව හරහා විදුලිය උත්පාදනය කරන සියළු රට ලැයිස්තුගත කරොත්, අපි ඉන්නේ ලෝකයේ හොඳම 25 වෙනි රට අතර. ලංකාවේ තියෙන විශාල ජලවිදුලි බලාගාරවලින් 30-40% අතර විදුලිය නිපදවන නිසා තමයි අපිට මේ හොඳ තත්වය ලැබිල තියෙන්නේ. ඒ නිසා අපි අපේ රටේ ආර්ථිකය බංකොලොත් කරගෙන, පුනර්ජනනීය විදුලිය 15% ක් වත නැති යුරෝපයේ ධනවත් රට අනුගමනය කරන්න ගියොත් , දුප්පත්කම නිසා වක්‍රාකාරව සිදුවන රටේ පරිසර හානිය දැනට තියෙනවට වඩා කිපගුනයකින් වැඩිවෙයි. ඒ වගේම අපේ රට පරිසරය පිලිබඳ පැරිස් එකඟතාව (COP 21) ටත් අත්සන් කරල තියෙන්නේ. ඒ කියන්නේ ලං.වි . ම මගින් හදන ජල විදුලි , ගල් අඟුරු, ස්වභාවික වායු මෙන්ම සුර්ය හා සුළන් බලය වැනි පාලනය කළනොහැකි පුනර්ජනනීය බලයත් සහිතව හදන අඩු වියදම් විදුලි උත්පාදන සැලැස්ම පැරිස් එකඟතාවයට සම්පුර්ණයෙන්ම අනුගතයි . පැරිස් එකඟතාව (COP 21) යටතේ ලෝකේ රටවල් ඉදිරියට ගල් අඟුරු බලාගාර හදන්නේ නෑ කියල තීරණයකලා කියන්නේ බඩගෝස්තරවාදී කල්ලි විසින් නිර්මාණය කරනලද මුසාවක් විතරයි . අනෙක තමයි ඔය චීනය, ඉන්දියාව , ඇමෙරිකාව වගේ ලොකු රටවල පවා ගල් අඟුරු සහ න්‍යෂ්ටික බලාගාර තවදුරත් ඉදි කරන්නේ එවැනි ලොකු රටවලටවත් මේ අඩු වියදම් බලාගාර නැවත්තුවොත් එන ආර්ථික ප්‍රශ්නවලට මුණදෙන්න බැරි නිසා. ඉතින් ලොකු තෝරු මෝරුන්ට කරන්න බැරි වැඩ අපි කල යුතුයි කියන්නේ නොදන්නා කමට හෝ වෙනත් පුද්ගලික ලාබ ප්‍රයෝජන සඳහා විය යුතුයි. ඒ නිසා ඉහත කරනු තුනෙන් , දියුණු වෙමින් පවතින රටක් වශයෙන් අපි ඉහත කරුණු තුනෙන් 2 සහ 3 වෙත වැඩි අවධානයක් යොමුකරන්න ඕනි.
මිලඟට ඒ නිසා ඉහත දෙවන කරුණ, එනම් ජනක සැලැස්ම හරහා සමස්ථයක් වශයෙන් රටේ පරිසරයට සිදුකළහැකි සේවය පිලිබඳ විතරක් කතාකරමු. ලංකාවේ පරිසර ප්‍රශ්න අතරින් මහජනතාවගේ සෞක්‍යට බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි වායු දුෂණය. වායු දුෂණය ගොඩක්ම බලපාල තියෙන්නේ මහනුවර කොළඹ වගේ නගරවල. මේ නිසා ස්වසන අබාධ වලට ලක්වුණ කුඩා දරුවෝ ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉන්නව කියල තමයි දොස්තරවරුන් කියන්නේ. මහනුවර කියන්නේ තාප බලාගාර තියෙන නගරයක් නෙවෙයිනේ. එත් වායු දුෂණය හා පෙනහළු රෝගීන් අතින් නොම්මර එක මහනුවර. සමස්ථයක් හැටියට වායු දුෂණයට ප්‍රධානම හේතුව වන්නේ වාහන වලින් නිකුත්වන දුම. දැන් ලෝකේ දියුණු රටවල මේකට තියෙන සමස්ත විසඳුම තමයි සියලු ප්‍රධාන ප්‍රවාහන ධාරාවන් , ඉන්දධන වලින් නැතිව විදුලියෙන් ක්‍රියාත්මක කිරීම. නගර තුල බොහෝවිට තියෙන්නේ විදුලි දුම්රිය . ඒ වගේම සියළුම පුද්ගලික වාහනත් 2040-50 වනවිට ඉන්ධන නොමැතිව විදුලියෙන් දුවන්න තමා ඔවුන්ගේ සැලැස්ම . මෙතැනදී මේ ප්‍රවාහන පද්ධති සඳහා විදුලිය සපයන්න අඩු වියදමකින් ස්ථාවර විදුලිය ලබාගත හැකි න්‍යෂ්ටික, ගල් අඟුරු සහ LNG බලාගාර තියෙනවා නගරවලින් බැහැරට වෙන්න . ලංකාව වගේ රටකට ඒ සඳහා අඩු වියදමක් සහිත ගල් අඟුරු භාවිතා කිරීම තුලින් ඉතිරිවෙන මුදල, අධික ප්‍රග්ධනයක් වැය වෙන (භූගත) විදුලි දුම්රිය වගේ පොදු ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කරන්න යොදවන්න පුළුවන්. එහාකොට රටත් දියුණු වෙනවා , සමස්තයක් හැටියට රටේ වායු දුෂණයත් අඩුවෙනවා. එත් ඔබට හිතෙන්න පුළුවන් අර විශාල බලාගාරේ නිසා විශාල වායු දුෂණයක් සිදුවෙනවා නේද කියල. ඔබට මගීන් 500ක් ගෙනයන ඩීසල් එන්ජිමක් සහිත දුම්රියක දුම ලොකුවට පෙනෙයි. එක ත්‍රීවීල් රථයකින් යන දුම ඉතා කුඩාවට පෙනෙයි. නමුත් අර මගීන් 500 ම ත්‍රීවීල් රථ 150 ක එකවිට ගමන් කළොත් නැගෙන සමස්ථ දුම අර දුම්රියේ දුම වගේ කිපගුනයක්. ඒ වගේම තමයි රට පුරා වාහන විශාල සංක්‍යාවකින් නිකුත්වන අහිතකර වායු සියල්ල අපි එක තැනකට එකතු කලොත් , එක අර විශාල බලාගාරෙන් නිකුත් වෙනවා වගේ කීප ගුණයක් කියල ඔබට පෙනෙයි. විද්‍යාත්මකව කිව්වොත් , බලාගාරේ විශාල උනාට කාර්යක්ෂමතාව වැඩි නිසා රටට සිදුවන සමස්ථ වායු දුෂණය අඩුයි.
ඉන් පස්සේ එන ප්‍රශ්නේ තමයි ඉහත තුන්වන තලය, ඒ කියන්නේ ඔය තාප බලාගාරේ නිසා අවට ගමට සිදුවිය හැකි ප්‍රාදේශීය පරිසර ප්‍රශ්න. බලාගාරයෙන් අවට හෝ රටේ ජනතාවට සෞඛයමය බලපෑමක් නොවන ආකාරයට එය කෙසේ ගොඩනැගිය යුතුද කියන එක සම්බන්ධයෙන් ඉතා දැඩි පරිසර නීති රීති , රෙගුලාසි පද්ධතියක් පරිසර අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක වෙනවා. විමෝචනය වන වායු, බැහැර කෙරෙන ජලයේ ආදියේ තිබිය යුතු ගුණාංග පිලිබඳ ලංකාවේ පවතින සමහර සිමාවන් ලෝක සෞඛය සංවිධානය හා සමහර ඉතා දියුණු රටවලටත් වඩා හොඳ තත්වයේ තියෙන්නේ. ඒ වගේම ස්වාධින ආයතනයක් හරහා පරිසර බලපෑම් අධ්‍යනයක් සිදුකරල අර තද සීමාවන්ට අනුගතවිය හැකි බව පෙනුනොත් පමණයි , පරිසර අනුමැතිය ලැබෙන්නේ එම බලාගාරය ඉදිකරන්න. ඒ අනුමැතිය නැතිව බලාගාර හදන්න බෑ කොහෙත්ම.
එත් කෙනෙකුට කියන්න පුළුවන් ඔය මොන නීති රීතී තිබුනත් සමහර තාප බලාගාර වලින් ඒ අවට ඉඩම් වල පදිංචිවෙලා ඉන්න ජනතාවට හිරිහැර සිදුවන අවස්ථා තියෙනවා නේද කියල. ඔව්, පෙර නොතිබුණ තාක්ෂනයකින් බලාගාරයක් ඉදිකළ අවස්ථාවක එහි ගැඹුරු හා සියුම් ප්‍රයෝගික දේවල් පිලිබඳ පළපුරුද්දක් එනතුරු ඇතිවන තත්වයන් මත , සමහර වෙලාවට තියෙන බලශක්ති අර්බුදය නිසා බලාගාරය නවතා පරිසරයට බලපාන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් කිරීමට රජයෙන් ඉඩ ලබා නොදෙනව වැනි අවස්ථාවක එවැනි දේවල් අතීතයේ සිදුවෙලා තියෙනවා. නමුත් ඉතාම වැදගත්දේ තමයි මේ ප්‍රාදේශීය පරිසර ප්‍රශ්න අනිවාර්යෙන්ම විසඳිය හැකි ප්‍රශ්න කියන එක . ඒ වගේම පරිසර අධිකාරියට සියලු බලතල තියෙනව තත්වය හොඳ අතට පත් නොවේ නම් අදාල බලාගාරය සම්පුර්ණයෙන්ම වහල දන්න උනත්. දැනටත් යාපනය ප්‍රදේශයේ තියෙනවා එහි ඇතිවුන තෙල් කාන්දුවක් නිසි පරිදි නඩත්තු නොකළ නිසා අවුරුදු 4-5 ක් තිස්සේ දුවන්න තහනම් කරපු ඩිසල් බලාගාරයක්. දැන් අපි ගුවන් යානයක් කාර්මික දෝෂයක් හෝ ගුවන් නියමුවාගේ අත්වැරදීමක් නිසා කඩාවැටුන කියල සියලු ගුවන් ගමන් නවත්වල පයින් යන්න බලන්නේ නෑ නේ. ඒක පාඩමකට අරන් යන්ත්‍රය, මෙහෙයුම් හා නඩත්තු කටයුතු දියුණු කරන එකනේ කරන්නේ. ඒ අනුව මෙහිදී අප කළ යුත්තේ තාක්ෂනය තව තවත් දියුනු කරමින්, අවශ්‍ය ප්‍රමාණයට බලාගාර ඉදිකිරිම මගින් තිබෙන යන්ත්‍ර කාල වෙලාවට නවතල නඩත්තු කටයුතු නිසිපරිදි ඉටුකර පරිසර බලපෑම අල්ප කිරීමයි.
ඒ වගේම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රටේ තාප බලාගාර හැදිය යුතුද, ඒ මොන වර්ගයේ බලාගාරද යන්න තීරණය කිරීම ඒ සඳහාම ඉගෙනගෙන පුහුණුව ලැබූ පිරිසගේ උපදෙස් අනුව සිදුවිය යුතු බවයි . මෙහිදී රජය කිරා බැලිය යුත්තේ එම බලාගාර ඉදිකිරීමෙන් රටේ ආර්ථිකයට, ඒ හරහා සමාජයට වෙන යහපත සහ අප රටේ සමස්ථ පරිසර පද්ධතියට එයින් සිදුවන බලපෑමයි. මෙම බලාගාර නිසා ලෝක පරිසරයට වන බලපෑම ගැන සිතීමට අපි කුඩා වැඩි බවත් , ප්‍රදෙශියව සිදුවන පරිසර බලපෑම් , පරිසර අධිකාරියේ යාන්ත්‍රනය මගින් විසඳිය හැකි බවත් යලිත් සිහිපත් කරමි.