Monday, June 22, 2020

පරිසරය සුරැකීමේ හොඳම ක්‍රමය පාරිභෝගික ඔබේ අතේ ..

පරිසරය සුරැකීමේ  හොඳම  ක්‍රමය  පාරිභෝගික ඔබේ අතේ ..



මිනිසා කියන සත්වයා  මේ ලෝකේ අංගයක් නොවුනානම් , මිට අවුරුදු දහස් ගානකට කලින් තිබුණ වනාන්තර, ඇල දොළ ගංගා  අපවිත්‍ර නොවී  කොයිතරම් හොඳට තියෙන්න තිබුනද. සමහරවිට ඔය වඳ වෙලා ගියා කියන සමහර සත්වයින් පවා අදටත් ඉන්න තිබුන නේද?   මුලින්ම බිහිවුන    මිනිසා  වගාවක් කරන්න ,    ඉන්න ගෙයක් හදන්න ගහක් කපන ක්‍රියාවලිය තමයි  කුඩාවට උනත් පරිසර දුෂණයේ ආරම්භය. මිනිසාගේ ක්‍රියාවලියන් පහසුකරන්න  ගහක් කපල රෝදයක් හදපු මිනිසා තමයිලු   ලෝකේ  පළමු ඉංජිනේරුව.  ජනගහනය ටික ටික වැඩි වෙද්දි , වැඩි වඩියෙන් පහසුකම් සොයද්දී මේ වගේ ඉංජිනේරුවෝ  සමාජයට  වැඩි වැඩියෙන් ඕනි උනා. මිනිස් ජනගහනය වැඩිවෙලා  අවශ්‍යතාවන්   වැඩි වෙනකොට,  මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා වලට වඩා  , වෙනත්  ආශාවන් වැඩි වෙන්න පටන් ගත්දී  බිහිවුන වෙළඳ ලෝකේ අවශ්‍යතා සපුරන්න ,  ඉවක් බවක් නැතිව  ස්වභාවික සම්පත්  විනාශ වෙන්න පටන් ගත්ත. එතනින් තමයි  පරිසර දුෂණය මාතෘකාවක් බවට පත්වෙන්නේ .එත් එක්ක තමා පරිසරය රැකගන්න  පරිසරවේදින්  බිහිවන්නේ. දැන් ඔන්න ඉංජිනේරුවගෙයි  පරිසරවේදියගෙයි  ඉවරයක් නැති වාදය ආරම්භ වෙනවා. මිනිසාගේ යම් අත්‍යවශය ක්‍රියාවලියක් පහසු කරන්න ඉංජිනේරුවා යම් සංවර්ධන කටයුත්තක් ගේනවා , පරිසරවේදියා එම කටයුත්තෙන්  පරිසරයට වෙන හානිය පෙන්වල මේක නවත්වන්න  වෙරදරනවා.  මේ ගැටුමතුල පරිසරය සහ සංවර්ධනය අතර   යම් තුලිත බාවයක් හටගන්නා නිසා දෙපාර්ශයම  අවංක චේතනාවකින් කටයුතු කරනතාක් මෙයින් අවැඩක් වෙනවා කියන්න බෑ . 

මුලින් මේ දෙන්නගෙම චේතනා ඉතා අවංක උනත්  පසුකාලීනව මේ දෙන්නත් වෙළඳ ලෝකේ තියෙන ප්‍රවාහයන්ට ගොදුරුවෙනවා.   ඉන්ජිනේරුව  අත්‍යවශ්‍ය  දේවල් වගේම විනාශකාරී  ආයුධ  සහ ජිවත් වෙන්න අත්‍යවශය  නොවන උපාංග ( අධි සුඛෝපභෝගී  වාහන ,  අලුත්ම මාදිලියේ  ජංගම දුරකතන වැනි දෑ  )  හැදුව.  පරිසරවේදිනුත්  දෙකොට්ටාශයක්  බිහිඋනා.  අවංකවම පරිසරය රැකගැනීම වෙනුවෙන් බොහොම අල්පේච්ච ජිවිතයක් ගතකරමින්, කැලෑවල , මඩ වගුරුවල , මුහුදේ  කාලය ගතකරමින් පරිසරය වෙනුවෙන් ජීවිතය කැපකරන ස්වල්පයක්වූ කොටස සහ  අනෙක අර අවංක පරිසරවෙදියගේ  සරල  භාහිර පෙණුම පමණක් ආරුඪ කරගෙන, බටහිර පන්නයේ රාජ්‍ය නොවන සංවිධානයක් (  NGO එකක් ) අටවාගෙන ඒක  බඩ  රස්සාව කරගත් කොට්ටාශය. අද වෙනකොට  සාමාන්‍ය   ජනතාවට තම මුලික අවශ්‍යතා මොනවද, අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්ත මොනවද, අත්‍යවශ්‍ය නොවන දේ මොකක්ද ,  අවංක පරිසර වේදියා කවුද  හෝ බඩගෝස්තර පරිසරවේදියා කවුද හොයාගන්න බැරි ඉතා සංකීර්ණ තත්ත්වයක් තියෙන්නේ.

පරිසරය , සංවර්ධනය සහ  විදුලිය

සියලුම ආකාරයේ  සංවර්ධන කටයුතු සහ  ඊට සමගාමිව එන  පරිසර ගැටළු  කතාකිරීමට ලොකු කාලයක් අවශ්‍ය නිසාත්, විශේෂයෙන් තමන් දන්නා වපසරියෙන් එහාට යාම වෘර්තිමය නොවන නිසාත් , විදුලි ඉංජිනේරුවෙකු  වන මන් හිතුව  විදුලි නිෂ්පාදනය, විශේෂයෙන්  තාප බලාගාර  සම්බන්ධ හා පරිසරය බලපෑම්  ගැන කතාකරන්න.  
රටක් භෞතික වශයෙන් දියුණුවනකොට අනිවාර්යෙන්  විදුලි ඉල්ලුම ඉහල යනවා. ඒ ඉහල යන ඉල්ලුම සපුරන්න වැඩිපුර විදුලි බලාගාර හදන්න වෙනවා.  මොන ආකාරයේ බලාගාරයක් හැදුවත් එහින් පරිසරයට අඩු වැඩි වශයෙන් බලපෑමක් වෙනවමයි. එහෙම නොවෙන කිසිම ක්‍රමයක් නෑ . උදාහරණයක් වශයෙන්  ගත්තොත් සැබෑ  පරිසරවේදීන් වගේම , සූර්ය බලශක්ති  ව්‍යාපාරයේ යෙදෙන අය විශාල ප්‍රචාරයක් ගෙනියනවා සුර්ය බලාගාර ඉතාම පරිසර හිතකාමී කියල.  බැලූ බැල්මට නම් එහෙම තමයි. නමුත් මේක හොඳට අධ්‍යනය කලොත් පැහැදිලිවෙනවා  එක එහෙමම නෙවෙයි කියල. මොකද පෙරදී ඉතා වැඩි අගයක තිබුන  සුර්ය පැනල මිල  අඩුවීමට ප්‍රධාන හේතුවක් වෙලාතියෙන්නේ  දැන් ලෝකේ සුර්ය පැනල ඉල්ලුමෙන් 80% විතරම සපයන්නේ චීනය වීම.  චීනය තමන්ගේ විදුලි නිෂ්පාදනයෙන් 70% කට වඩා , අඩුමිල ගල් අඟුරු භාවිතයෙන්   නිපදවන්නේ. එතකොට මේ අඩුමිල ගල් අඟුරු  භාවිතයෙන් තමා  ලෝකෙටම අඩු වියදමකින් මේ පැනල හදන්නේ. එතකොට  ගෝලීය උෂ්ණත්වය ඉහළයාමට   ලොකුම දායකත්වයක් සපයන  රටක් තමයි චීනය කියන්නේ. ඉතින් මේ දාමය හොඳට බැලුවම පැහැදිලි වෙනවා  සමස්ථයක් ලෙස ගත්තම සුර්ය බලාගාරත්  සෑහෙන පරිසර බලපෑමක් කරනවා කියල. ඒ වගේම ලංකාව ඇතුළු බොහෝ රටවලට මේ සුර්ය පැනල අවුරුදු 20-25 ක ආයු කාලය නිම කරලා කොහොමද  පරිසරයට හානි නොවන විදියට බැහැර  කරන්නේ කියල කිසිම සැලැස්මක් නෑ . මෙයට අසන්න හොඳම උදාහරණය තමයි  බලශක්ති සංරක්ෂණය මගින් පරිසරය රැකගමු කියල  1990 දශකයේ  CFL  බල්බ  තොග පිටින්   අපිට  පටවපු   බටහිර රටවල් ,  අද    එහි තියෙන රසදිය පරිසරයට  විශාල ප්‍රශ්නයක් කියල  තහනම් කරලා. ලංකාවෙත්  නිසි ආකාරයෙන් ඒවා බැහැර නොවන නිසා ඇතිවන පරිසර බලපෑමක් තියෙනවා.  ඒ වගේම තමයි  ගෝලීය උණුසුම වැඩිකරන කාබන් ඩයොක්සයිඩ්  නමැති හරිතාගාර වායුව නිකුත් කරන ගල් අඟුරු බලාගාර වලට වඩා  ස්වභාවික වායු  (LNG) බලාගාර හොඳයි කියල  LNG  නිෂ්පාදකයෝ ගෙනියන ප්‍රචාරයට අපේ  නායකයින් ඇතුළු බොහෝ දෙනෙක් රැවටිලා තියෙන්නේ.  නමුත්  ස්වභාවික වායුවෙත්  ආපස්සට ගිහින් මුළු ජාලයම  බැලුවම  නිකුත් කරන හරිතාගාර වායුවේ කිසිම වෙනසක් නෑ . මොකද  ස්වභාවික වායු  දහනයේදී  නිකුත්වන කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රමාණයෙන් ගල් අඟුරු වලට වඩා අඩුවුනාට , ස්වභාවික වායු නිෂ්පාදනයේ, ප්‍රවාහනයේ සහ භාවිතයේති   කාන්ඳු වන ස්වභාවික වායු අනුවක්    කාබන් ඩයොක්සයිඩ් අනුවකට වඩා  තිස් ගුණයකින්  හානිකර හරිතාගාර වායුවක්.  ඉතින් මෙහෙම හොඳින් විශ්ලේෂණය කරලා  බැලුවම  පරිසර බලපෑමක් නොවන  කිසිම විදුලි නිෂ්පාදන ක්‍රමවේදයක් නැති බව අපිට පැහැදිලියි.

මේ තත්වය යටතේ  රටක් වශයෙන් අපිට තෝරාගන්න ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා.

 පළමු සහ  හොඳම  මග.   
 අපිට පුළුවන් නම්  අර  මිට අවුරුදු  30 -40 කලින් ලංකාවෙත් තිබුන,  භූතානය වගේ රටවල දැනුත් තිබෙනව  කියන,   අල්පේච්ච  ජිවිතයකට හුරුවෙන්න , අලුතින් බලාගාර ඕනිම  නෑ. ඒ කියන්නේ ගෘහස්ත  පාරිභෝගිකයා තමන්ගේ ජිවන රටාව වෙනස් කරගෙන   ශීතකරණ , විදුලි පංකා , වායුසමීකරණ වැනි අත්‍යවශ්‍ය නොවන  නොයෙකුත් විදුලි මෙවලම්  වලින් මිදිලා , විදුලි බල්බය, රේඩියෝව  සහ  කුඩා රූපවාහිනියට පමණක් සිමාවෙන්න,  විදුලි ඉල්ලුම පහල දන්න පුළුවන්.  දකින දකින  ලස්සන ඇඳුම් , නතවතම මාදිලියේ රථ වාහන,  ජංගම දුරකථන වගේ  දේවල් වලිනුත් මිදෙන්න ඕන. මොකද ඒවා නිෂ්පාදනයට සැහෙන්න විදුලියක් භාවිතා වෙනවනේ. ඒ වගේම  වනාන්තර කපල  දුෂ්කර ගම්මාන හැදෙන්න ඉඩ ඇරලා ඒවාට තාර පාරවල්     සහ ප්‍රධාන පද්ධතියෙන් විදුලිය ලබාදෙන ක්‍රමය වෙනස් වෙන්න ඕනි. අඩුමගානේ  එහෙම ගම්මාන ඉදිරියේදී හැදුනත් නේපාලය, භූතානය වැනි රටවල වගේ එම ගම්මාන වලට  විදුලිය සැපයීම ප්‍රධාන පද්ධතියෙන්  බැහැරව      සුර්ය පැනල වලට සිමා කරන්න වේවි . ප්‍රාදේශීය දේශපාලකයින්ටත්  කැලැ කපල හදන ගම් වලට  ලයිට් අරන් දීල  ජනප්‍රිය වෙන එක  පැත්තක තියල වෙනත් සුභසාදන වැඩට බහින්න වෙයි. 

ඊට වඩා  ලොකුම ප්‍රශ්නය තියෙන්නේ  කොහොමද  තරුණ පරම්පරාවට  රැකියාවක්  ජිවනෝපායක්   සලසන්නේ කියල.  මොකද  රජයේ  සම්ප්‍රදායික ක්‍රමය තමයි ලංකික නැතිනම් පිටරට ආයෝජකයින්ට කියල හරි  නොයෙකුත්  කර්මාන්ත , හෝටල්  වගේ ව්‍යාප්ති ඇතිකරලා ඒ හරහා   රැකියා උත්පාදනය.  එතකොට  රජයට  පුළුවන් නම්  ඒ වගේ සම්ප්‍රදායික   ක්‍රමමගින්  රැකියා  බිහිකරන්නේ නැතිව , විශාල වශයෙන් විදුලිය අවශ්‍ය නොවන  විකල්ප මාර්ග වලින් (  තොරතුරු තාක්ෂනය වගේ)  තරුණයින්ට රැකියා බිහිකරන්න,  දැනට තියෙන බලාගාර ප්‍රමාණය හොඳටම ඇති. 

නමුත් මේ   තීරණ ගන්න ඕනි විදුලි ඉංජිනේරුවෝ නෙවෙයි  .ඒ තීරණය ගන්න ඕන  ඔබ,  එහෙම නැත්නම්  රටේ මහජනතාව. මහජනතාව  ඊට සුදුසු රජයන් පත්කරන්න ඕනි.  "අල්පේච්ච  ජිවිතයක් හරහා සොභාදහම රැකගමු " කියන තේමාව යටතේ එන පක්ෂයකට හෝ දේශපාලන නායකයෙකුට  ඔබ ඔබේ ජන්දය ලබා දෙනවාද ?  බොහෝ දෙනෙක් ඔව් කියයි.  අපි හැමෝම මේ ක්‍රමේට එකඟ වෙනවනම් ප්‍රශ්නය මෙතැනින්  ඉවරයි. එහෙනම් මේ ලිපියෙත් මෙයින් එහාට ලියන්න දෙයක් නෑ. 

නමුත්  එසේ ඔව් කිවූ ඔබෙන් ඇහුවොත්  එහෙනම් හැමදාම රෑට දාන  විදුලි පංකාව , වායුසමීකරණය   නොදා මින් ඉදිරියට නිදාගන්න ලෑස්තිද ?  කාර්යාලයට අඳින ඇඳුම  ඉස්තිරික්ක කරන්නේ නැතිව අඳින්න  කැමතිද කියලා , අර පළමු ප්‍රශ්නෙට ඔව් කියපු කිදෙනක් මේකට ඔව් කියයිද ? දුෂ්කර ගම්මානෙකට ලයිට් ඕන කිව්වම , අපි පරිසරේ වෙනුවෙන්  විදුලි ඉල්ලුම අඩුකරන්න සහ  ගස් කපල වයර් අදින එක නවත්වන්න , සූර්ය පැනලදාල  බැටරියක් චාර්ජ් කරලා පොඩි එකාගේ පාඩම් වැඩට විතරක්  ලයිට් එකක් දාගන්න  පුළුවන් ක්‍රමේකට යමු කිව්වොත් , ඒ දේශපාලකයට  පාර්ලිමේන්තු තියා ගම් සභාවටවත් යන්න පුළුවන් වෙයිද.

ඉතින් ඔබට පැහැදිලිද  මේ පරිසර දුෂණය වලක්වන්නේ නෑ කියල දේශපාලකයට හරි,  ඉංජිනේරුවට බැන්නට හොඳම විසඳුම තියෙන්නේ ඔබ අතේ කියලා. 

දෙවන  සහ  දැනට යන මග (පරිසර හිතකාමී නොවන )

හොඳම විසඳුම කලින් කිව්ව විදිය උනත් ඒ ක්‍රමය   ඔබෙන් පටන් අරන්  දේශපාලකයා  නැතිනම් ආණ්ඩුව  හරහා එය  ක්‍රියාත්මක කරනතුරු  නිරන්තරයෙන් වැඩිවෙන ඉල්ලුම සපයන්න ඉංජිනේරුවෝ රාජකාරිමය වශයෙන් බැඳීල ඉන්නවනේ. ඉතින් එතැනදී  අකමැත්තෙන් උනත් බලාගාර හදන්න වෙනවා. ඒ සඳහා  කුමන  බලාගාර මොන කාලවලදී එන්න ඕනිද කියල විසි අවුරුදු සැලැස්මක් හදනවා.  බලශක්ති සුරක්ෂිතතාව , වියදම , පද්ධතියේ  සමතුලිතතාව, පරිසර බලපෑම ආදී සියලු කරුණු දේ ඒ සලස්මේදී සලකා බැලෙනවා.  එක කරන්නේ   ඒ සඳහාම පුහුණුව ලැබූ ඉංජිනේරුවෝ.  ඔබට අර පළමු  හොඳ ක්‍රමේට යන්න අපහසු නම් , ඊළඟට තියෙන්නේ  විදුලි බල පද්ධති පිළිබඳව  මහ ජනතාවගේ මුදලින් උගන්වල, පුහුණු කරපු කණ්ඩායමට ඒක බාරදීලා , පුළුවන් උදව්වක් කරලා රජයට ඒ අයගේ  උපදෙස් ක්‍රියාත්මක කරන්න කියල බල කරන එකයි.  දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ  පරිසරේ රැකගන්න  කලින් කිව්ව හොඳම විසඳුම ජනතාව අතේ තියාගෙන එක ක්‍රියාත්මක නොකර, අර සැලැසුම්  හදන, බලාගාර හදන , නඩත්තු කරන  ඉංජිනේරුවන්ට උපදෙස් දෙන බොහෝ පිරිසක් සමාජයේ ඉන්න එකයි.   විදුලි පද්ධතියක  මුලික අංග, සමබරතාවය ගැන මූලික දැනීමක්  නොමැතිව අන්තර් ජාලයෙන් , සමාජ මාධ්‍යවල ප්‍රචාරයවන  නොයෙකුත් දෑ  අවිධිමත්ලෙස තේරුම්ගත්   තොරතුරු තාක්ෂණ වේදින්  වගේ වෙනත් වෘතිකයින් , පරිසරවේදීන් , ව්‍යාපාරිකයින් සහ දේශපාලකයින් පවා    අපිට උපදෙස් දෙනවා  කොහොමද  තාප බලාගාර හදන්නේ නැතිව  සුර්ය, සුළං සහ මූදු රල මගින්  රටේම විදුලි ඉල්ලුම  100% ක්  2030 වෙනකොට දෙන්නේ කියල. 

දැන් අර  කොරෝන වසංගතය අපු වෙලාවේ  මුලින් නොයෙකුත්  වාද විවාද , දුර්මත තිබුනත්  මරණ බය නිසා අවසානයේ    ජනතාවට සහ  ආණ්ඩුවට  වසංගත රෝග  පිලිබඳ  විශේෂ  දොස්තරවරුන්ට  ඇහුන්කන් දෙන්න උනානේ.  විදුලි සැලසුම එක්ක සෙල්ලම් කරාමත් ඇත්ත වශයෙන් මරණ ගොඩක් සිද්දවෙනවා .නමුත් එක   වක්‍රා කාරයෙන් සහ දීර්ඝ කාලිනව සෙ සිදුවන නිසා  අපෙ හදවතට එක දැනෙන්නේ නෑ ,  ඒ මරණ සිදුවන්නේ   රට ආර්ථික අගාදයකට යාම හරහා, සරලව කිව්වොත්   දුප්පත්කම හරහා. කොරෝනාවෙන් මැරෙනවා වගේ  කෙටි කාලයකදී ක්‍ෂණිකව  හිතට වදින විදියට සිද්ද නොවෙන එක විතරයි වෙනස.  ඒ නිසා ඕනෑම  ප්‍රශ්නයකදී,   අදාල  විෂය පිළිබඳ  ඉගෙනගෙන, පුහුණුව ලබල ඉන්න  පිරිස තමයි ඒ තත්වයට  මුලිකවම කටයුතු කරන්න ඕන.  කොරෝනාවෙදී  නම් අනිත් රටවල මිනිස්සු මැරෙන විදිය දැකල අපි දොස්තරවරු දීපු උපදෙස් පිළිපැද්දනේ.  නමුත් අවාසනාවකට  ඉංජිනේරුවෝ යෝජනා කරපු   අරුවක්කලු කසල අංගනය ගැන  කොළොන්නාවේ  මිනිස්සු කුනුකන්දට යටවෙලා මැරෙනකන්ම අපි වාද කලානේ. අදටත් වාදේ  ඉවර නෑ . 

නිවැරදි බලාගාර සැලැස්ම  හරහා  පරිසර ප්‍රශ්න අවම කිරීම 

පරිසරය කිව්වම මේක නොයෙකුත් තලයන්ගෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ 

1   අන්තර් ජාතික  පරිසර ප්‍රශ්න  - ලෝකයේ උණුසුම වැඩිවීම , සාගර මට්ටම ඉහල යාම , ඕසෝන් ස්ථරය  හීනවීම  වගේ දේවල් 

2. රටට බලපාන පරිසර ප්‍රශ්න -  වායු දුෂණය , වෙරල දුෂණය, කෘෂිකාර්මික රසායනික ද්‍රව්‍ය නිසා  භූගත ජල දුෂණය සහ එහා සබැඳි  භයානක සෞඛයමය   ප්‍රශ්න  

3.  ප්‍රාදේශීයව සිදුවන පරිසර ප්‍රශ්ණ -  කර්මාන්ත ශාලාවක් හෝ   විදුලි බලාගාරයක්  අවට ගම ප්‍රදේශයට වන බලපෑම්.

ඔය නොම්මර එකට තියෙන ගෝලීය උණුසුම වැඩිවීම  මිනිසා ඇතුළු  සියලු සත්වයින්ට බලපාන මහා විශාල ප්‍රශ්නයක්. විශේෂයෙන් මුහුදු මට්ටටම වැඩිවෙලා තව අවුරදු 50ක් 60ක් යත්දී  මාලදිවයින වගේ රටවල් නැතිවෙන්නත්, ලංකාවේ වෙරල ආශ්‍රිත බිම් ප්‍රමාණයක් මුහුදට  බිලිවෙන්නත් පුළුවන් සම්භාවිතාවක් තියෙනව. අපේ ගොඩක් අර පිටරට NGO  වලින් පැවැත එන  බටහිර පන්නයේ පරිසරවේදීන්ගේ  ප්‍රධානම  මාතෘකාව තමයි ඕක.  ඒක ඉතාම වැදගත් මාතෘකාවක තමයි  නමුත් අපි අපේ සියළු  බලාගාර නවත්වල අතීතයේ  වගේ  රාත්‍රියට කැකුණ තෙල් පත්තු කරන හිටියත් ,  ඉතා කුඩා රටක් වන ලංකාවට  මේකට දැනෙන මට්ටමේ දායකත්වයක්  දෙන්න අමාරුයි. මේකට  ලොකුම දායකත්වයක් දෙන්න ඕනි  චීනය , ඇමෙරිකාව සහ ඉන්දියාව වගේ ලෝකේ ලොකුම පරිසර දුෂකයින්.  එකෙන් මම කියන්නේ නෑ , ලෝකය බේරා ගැනීමේ සටනින් අපිට දෙන්න පුළුවන් කුඩා  හරි සහයෝගය නොදී හිතුවක්කාර ලෙස ඉන්න ඕනි කියල. නමුත් ලංකාව කියන්නේ  විදුලි  නිෂ්පාදනය  අතින්   පරිසරය රකින පැත්තේ ඉහලින්  හරියේ ඉන්න රටක්. ඒ කියන්නේ  100% ක් ජනතාවට  ප්‍රධාන සැපයුමෙන් විදුලිය ලබාගත හැකි තත්වයේ ඉන්න රට අතර  ,    පුනර්ජනනීය  ප්‍රභව හරහා විදුලිය උත්පාදනය කරන සියළු  රට ලැයිස්තුගත  කරොත්,  අපි ඉන්නේ ලෝකයේ හොඳම  25 වෙනි රට  අතර. ලංකාවේ තියෙන විශාල  ජලවිදුලි බලාගාරවලින්  30-40% අතර විදුලිය නිපදවන නිසා  තමයි අපිට මේ හොඳ තත්වය ලැබිල තියෙන්නේ. ඒ නිසා අපි අපේ රටේ ආර්ථිකය බංකොලොත් කරගෙන,  පුනර්ජනනීය   විදුලිය 15% ක් වත නැති  යුරෝපයේ  ධනවත් රට අනුගමනය  කරන්න ගියොත් , දුප්පත්කම නිසා වක්‍රාකාරව  සිදුවන  රටේ පරිසර හානිය දැනට තියෙනවට වඩා කිපගුනයකින් වැඩිවෙයි. ඒ වගේම  අපේ රට පරිසරය පිලිබඳ  පැරිස් එකඟතාව  (COP 21) ටත් අත්සන් කරල තියෙන්නේ. ඒ කියන්නේ  ලං.වි . ම  මගින් හදන ජල විදුලි , ගල් අඟුරු, ස්වභාවික වායු මෙන්ම  සුර්ය හා සුළන් බලය වැනි  පාලනය කළනොහැකි පුනර්ජනනීය බලයත් සහිතව හදන  අඩු වියදම් විදුලි උත්පාදන සැලැස්ම  පැරිස් එකඟතාවයට  සම්පුර්ණයෙන්ම අනුගතයි . පැරිස් එකඟතාව  (COP 21) යටතේ  ලෝකේ රටවල්  ඉදිරියට ගල් අඟුරු බලාගාර හදන්නේ නෑ කියල තීරණයකලා කියන්නේ  බඩගෝස්තරවාදී  කල්ලි විසින් නිර්මාණය කරනලද  මුසාවක් විතරයි . අනෙක තමයි ඔය චීනය, ඉන්දියාව , ඇමෙරිකාව වගේ ලොකු රටවල පවා  ගල්  අඟුරු සහ න්‍යෂ්ටික  බලාගාර තවදුරත්  ඉදි  කරන්නේ එවැනි ලොකු රටවලටවත්  මේ  අඩු වියදම් බලාගාර නැවත්තුවොත් එන  ආර්ථික  ප්‍රශ්නවලට මුණදෙන්න බැරි නිසා. ඉතින් ලොකු තෝරු මෝරුන්ට කරන්න බැරි වැඩ අපි කල යුතුයි කියන්නේ   නොදන්නා කමට හෝ  වෙනත් පුද්ගලික ලාබ ප්‍රයෝජන සඳහා විය යුතුයි. ඒ නිසා ඉහත කරනු  තුනෙන් , දියුණු වෙමින් පවතින රටක් වශයෙන් අපි ඉහත කරුණු තුනෙන් 2 සහ 3 වෙත වැඩි අවධානයක් යොමුකරන්න ඕනි.

මිලඟට   ඒ නිසා  ඉහත  දෙවන කරුණ,  එනම් ජනක  සැලැස්ම හරහා  සමස්ථයක්  වශයෙන් රටේ පරිසරයට  සිදුකළහැකි  සේවය  පිලිබඳ විතරක් කතාකරමු.  ලංකාවේ පරිසර ප්‍රශ්න අතරින්  මහජනතාවගේ  සෞක්‍යට බලපාන ප්‍රධාන ප්‍රශ්නයක්   තමයි  වායු දුෂණය.    වායු දුෂණය ගොඩක්ම බලපාල තියෙන්නේ  මහනුවර කොළඹ වගේ නගරවල.  මේ නිසා ස්වසන අබාධ වලට ලක්වුණ කුඩා දරුවෝ ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්  ඉන්නව කියල තමයි  දොස්තරවරුන් කියන්නේ.  මහනුවර කියන්නේ තාප බලාගාර තියෙන නගරයක් නෙවෙයිනේ. එත් වායු දුෂණය හා පෙනහළු රෝගීන් අතින් නොම්මර එක මහනුවර.  සමස්ථයක්  හැටියට  වායු දුෂණයට  ප්‍රධානම හේතුව වන්නේ   වාහන වලින් නිකුත්වන දුම.  දැන් ලෝකේ දියුණු රටවල මේකට තියෙන සමස්ත විසඳුම තමයි  සියලු ප්‍රධාන  ප්‍රවාහන  ධාරාවන් , ඉන්දධන වලින් නැතිව  විදුලියෙන් ක්‍රියාත්මක කිරීම. නගර තුල බොහෝවිට තියෙන්නේ  විදුලි දුම්රිය . ඒ වගේම  සියළුම පුද්ගලික වාහනත් 2040-50 වනවිට ඉන්ධන  නොමැතිව විදුලියෙන් දුවන්න  තමා ඔවුන්ගේ සැලැස්ම  .  මෙතැනදී  මේ ප්‍රවාහන පද්ධති සඳහා  විදුලිය සපයන්න  අඩු වියදමකින් ස්ථාවර විදුලිය ලබාගත  හැකි න්‍යෂ්ටික, ගල් අඟුරු සහ LNG  බලාගාර තියෙනවා  නගරවලින් බැහැරට වෙන්න . ලංකාව වගේ රටකට  ඒ සඳහා අඩු වියදමක් සහිත  ගල් අඟුරු භාවිතා කිරීම තුලින්  ඉතිරිවෙන මුදල,  අධික ප්‍රග්ධනයක් වැය වෙන (භූගත) විදුලි දුම්රිය වගේ පොදු ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කරන්න යොදවන්න පුළුවන්. එහාකොට රටත් දියුණු වෙනවා , සමස්තයක් හැටියට රටේ වායු  දුෂණයත්  අඩුවෙනවා. එත්  ඔබට  හිතෙන්න පුළුවන් අර විශාල බලාගාරේ  නිසා විශාල  වායු දුෂණයක් සිදුවෙනවා නේද කියල. ඔබට  මගීන්   500ක්  ගෙනයන   ඩීසල් එන්ජිමක් සහිත  දුම්රියක  දුම ලොකුවට පෙනෙයි. එක ත්‍රීවීල් රථයකින් යන දුම   ඉතා කුඩාවට පෙනෙයි. නමුත්  අර මගීන් 500 ම  ත්‍රීවීල් රථ 150 ක එකවිට  ගමන් කළොත්  නැගෙන සමස්ථ  දුම අර දුම්රියේ දුම  වගේ කිපගුනයක්. ඒ  වගේම තමයි    රට පුරා වාහන විශාල සංක්‍යාවකින් නිකුත්වන  අහිතකර වායු සියල්ල අපි එක තැනකට එකතු කලොත් , එක අර විශාල බලාගාරෙන්   නිකුත් වෙනවා  වගේ කීප ගුණයක් කියල ඔබට පෙනෙයි.  විද්‍යාත්මකව  කිව්වොත් , බලාගාරේ  විශාල උනාට කාර්යක්ෂමතාව වැඩි නිසා රටට සිදුවන සමස්ථ වායු දුෂණය අඩුයි. 

ඉන් පස්සේ එන ප්‍රශ්නේ තමයි ඉහත තුන්වන තලය, ඒ කියන්නේ   ඔය තාප බලාගාරේ  නිසා  අවට ගමට සිදුවිය හැකි ප්‍රාදේශීය  පරිසර ප්‍රශ්න.  බලාගාරයෙන්  අවට හෝ රටේ ජනතාවට  සෞඛයමය  බලපෑමක් නොවන ආකාරයට එය කෙසේ  ගොඩනැගිය යුතුද කියන එක සම්බන්ධයෙන්  ඉතා දැඩි පරිසර නීති රීති , රෙගුලාසි පද්ධතියක්  පරිසර අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක වෙනවා. විමෝචනය වන වායු,   බැහැර කෙරෙන ජලයේ   ආදියේ තිබිය යුතු ගුණාංග පිලිබඳ ලංකාවේ පවතින සමහර  සිමාවන්  ලෝක සෞඛය සංවිධානය හා සමහර ඉතා දියුණු රටවලටත් වඩා හොඳ තත්වයේ  තියෙන්නේ.  ඒ වගේම ස්වාධින ආයතනයක් හරහා  පරිසර බලපෑම්  අධ්‍යනයක් සිදුකරල අර තද සීමාවන්ට අනුගතවිය හැකි බව පෙනුනොත් පමණයි , පරිසර අනුමැතිය ලැබෙන්නේ එම බලාගාරය ඉදිකරන්න. ඒ අනුමැතිය නැතිව  බලාගාර හදන්න බෑ කොහෙත්ම. 

එත්  කෙනෙකුට කියන්න පුළුවන් ඔය මොන නීති රීතී  තිබුනත්  සමහර තාප බලාගාර වලින් ඒ අවට ඉඩම් වල පදිංචිවෙලා ඉන්න ජනතාවට හිරිහැර සිදුවන අවස්ථා තියෙනවා නේද කියල.  ඔව්,   පෙර නොතිබුණ  තාක්ෂනයකින්  බලාගාරයක්  ඉදිකළ අවස්ථාවක  එහි ගැඹුරු  හා සියුම්  ප්‍රයෝගික දේවල් පිලිබඳ  පළපුරුද්දක් එනතුරු  ඇතිවන තත්වයන් මත , සමහර වෙලාවට  තියෙන බලශක්ති අර්බුදය නිසා  බලාගාරය නවතා පරිසරයට බලපාන අත්‍යවශ්‍ය  නඩත්තු කටයුත්තක් කිරීමට රජයෙන් ඉඩ ලබා නොදෙනව වැනි අවස්ථාවක එවැනි දේවල් අතීතයේ සිදුවෙලා තියෙනවා. නමුත් ඉතාම  වැදගත්දේ  තමයි  මේ ප්‍රාදේශීය  පරිසර ප්‍රශ්න  අනිවාර්යෙන්ම විසඳිය හැකි ප්‍රශ්න කියන එක . ඒ වගේම  පරිසර අධිකාරියට සියලු බලතල තියෙනව තත්වය හොඳ අතට පත් නොවේ නම්  අදාල බලාගාරය සම්පුර්ණයෙන්ම වහල දන්න උනත්.  දැනටත් යාපනය ප්‍රදේශයේ  තියෙනවා   එහි ඇතිවුන තෙල් කාන්දුවක් නිසි පරිදි නඩත්තු නොකළ නිසා අවුරුදු 4-5 ක් තිස්සේ දුවන්න තහනම් කරපු ඩිසල්  බලාගාරයක්.   දැන් අපි  ගුවන් යානයක්    කාර්මික දෝෂයක් හෝ ගුවන් නියමුවාගේ අත්වැරදීමක්  නිසා කඩාවැටුන කියල  සියලු  ගුවන් ගමන් නවත්වල  පයින් යන්න  බලන්නේ නෑ නේ. ඒක  පාඩමකට අරන්  යන්ත්‍රය,  මෙහෙයුම් හා නඩත්තු කටයුතු දියුණු කරන එකනේ කරන්නේ. ඒ අනුව මෙහිදී  අප කළ යුත්තේ  තාක්ෂනය තව තවත් දියුනු කරමින්, අවශ්‍ය ප්‍රමාණයට බලාගාර ඉදිකිරිම මගින්  තිබෙන යන්ත්‍ර කාල වෙලාවට නවතල නඩත්තු කටයුතු නිසිපරිදි  ඉටුකර පරිසර බලපෑම අල්ප කිරීමයි. 

ඒ වගේම  අවසාන වශයෙන් කියන්න තියෙන්නේ  රටේ  තාප බලාගාර  හැදිය යුතුද, ඒ මොන වර්ගයේ බලාගාරද  යන්න තීරණය කිරීම ඒ සඳහාම  ඉගෙනගෙන පුහුණුව ලැබූ පිරිසගේ  උපදෙස් අනුව සිදුවිය යුතු බවයි . මෙහිදී  රජය කිරා බැලිය යුත්තේ    එම බලාගාර ඉදිකිරීමෙන්  රටේ ආර්ථිකයට, ඒ හරහා සමාජයට  වෙන යහපත සහ අප   රටේ සමස්ථ පරිසර පද්ධතියට එයින්  සිදුවන බලපෑමයි.   මෙම බලාගාර නිසා  ලෝක පරිසරයට වන බලපෑම ගැන සිතීමට  අපි කුඩා වැඩි බවත් , ප්‍රදෙශියව සිදුවන පරිසර බලපෑම්  , පරිසර අධිකාරියේ යාන්ත්‍රනය මගින් විසඳිය හැකි බවත්  යලිත් සිහිපත් කරමි.

Friday, June 5, 2020

ලෝකයේ තාප  සහ  න්‍යෂ්ටික  බලාගාර ඉදිකිරිම නවතලද ? ( No more new  Thermal or Nuclear  Plants  in the world ?) 

( English Translation is given below )

 සමහරු කියනවා " ලෝකයේ සියලුම රටවල් දැන් තාප   සහ  න්‍යෂ්ටික බලාගාර හදන එක නවතලා  ඒ වෙනුවට  සුර්ය සහ සුළං බලාගාර විතරයි හදන්නේ."  කියල. ඇත්තද  ඒක ?

 ( සටහන: මුලින්ම  කියන්න ඕනි දැන් අපි  සූර්ය බලාගාර ව්‍යාපාරිකයන් හා ඔවුන්ගෙන් යැපෙන අන්තර්ජාල විශාරධයන්ගේ මේ බොරු වලට උත්තර දුන්නම බලන් ඉන්න  සාමාන්‍ය ජනතාව හිතනවා අපි  පුනර්ජනනීය විදුලියට විරුද්ධයි කියල.  අපිත් කියන්නේ  සූර්ය සහ සුළං බලාගාර  ගන්න පුළුවන් උපරිමයට හදන්න ඕනි කියන එක. එකනේ පුද්ගලික සුළං බලාගාරවලට  රු 22 ක් ගෙවද්දී , විදුලි බල මණ්ඩලය රු 8 කට එකයක් හදාගන්න පුළුවන් 100MW  සුළං බලාගාරයක්  මන්නාරමේ හදන්නේ. ඒකෙ  වාසිය මහජනතාවටනේ.  සූර්ය බලාගාර වැඩිකරන්න තියෙන  ලොකුම බාදාව සමහර  ව්‍යාපාරිකයින්  තරඟකාරී   ටෙන්ඩර් වලට විරුද්ධවීමත් , ස්ථාවර තාප බලාගාරවල මිල පෙන්නමින්  අස්ථාවර සූර්ය  විදුලියට ඒ මිලම ඉල්ලන එකයි. ගල්අඟුරු අඩුමිලට අවොත්  ලොකු මිලක් ඉල්ලන්න බැරි නිසා, එක වහකදුරු වගේ. පරිසරය රකින්න කියල මේ ඇත්ත කතාව ජනතාවගෙන්  වහන්න පුළුවන් ලේසියෙන්    ) 

 දැන් පටන් ගනිමු ප්‍රධාන මාතෘකාව .   ඔය උඩ තියෙන  ප්‍රස්ථාරේ  බලන්නකෝ . ඒ තමයි ඉන්දියාවේ  වසර 2040 වෙනකන් විදුලිය සඳහා එක් එක්  ප්‍රභවයන්ගේ  සංයුතිය කෙසේවිය යුතුද කියල පෙන්වන ප්‍රස්ථාරේ . දැන් මේකේ ලා දුඹුරු  පාටෙන් පෙන්වන්නේ  ගල් අඟුරු වලින් කොපමණ විදුලි එකක ප්‍රමාණයක්  ගන්නවද කියන එක.  ( මනින ඒකකය TWh  , ඒ කියන්නේ ටෙරා වොට්-අවර් , 1 TWh  කියන්නේ සාමාන්‍ය ගෙදර මීටරේ මනින විදුලි ඒකක 1,000,000,000 ප්‍රමාණයක්).  

ප්‍රස්ථාරේට අනුව ඉන්දියාවේ  2020 වසරේ  ගල් අඟුරු වලින් 1200 TWh  වගේ ප්‍රමාණයක් විදුලිය හදන්නේ ගල් අඟුරු වලින්.  ඉන්දියාව 2040 දී එක 2100 TWh  දක්වා ඒ කියන්නේ තව  1000 TWh කින්  වැඩි කරන්න තමයි සැලසුම් හදල තියෙන්නේ. ඒ කියන්නේ  දැන් තියෙන ප්‍රමාණය 70% වඩා ප්‍රමාණයකින්  වැඩිවෙනවා. ඉතින් අපේ රටේ ආර්ථිකය ගොඩ ගන්න  තව ගල් අඟුරු බලාගාර 2ක් වත් හදන්න ඕනි කිව්වම 'ලංකාවේ විදුලි බල මණ්ඩලයේ මෝඩ ඉංජිනේරුවෝ විතරයි ගල් අඟුරු බලාගාර ගැන තාම  කතාකරන්නේ'  කියන විශාරධයන් මේ ගැන මොනවද කියන්නේ? 

ඕනිනම් ඔය ප්‍රස්ථාරේම  තව විදියකට අර්ථ දක්වල  සාමාන්‍ය  ජනයා  නොමග අරින්නත් පුළුවන්.  බලන්නකෝ   වසර 2020දී ඉන්දියාවේ  සමස්ථ  විදුලි නිපැයුමෙන් 68 % ක් විතර ( මුළු 1750 න්  1200ක්)  විදුලිය හැදුවට  2040 දී ඒක 50%  ( මුළු 4200 න්  2100යි නේ) දක්වා අඩු වෙනවනේ. අපේ අර  අන්තර්ජාල බලශක්ති විශාරධයන් මේක තමයි අර්ථ දක්වන්නේ  ගල් අඟුරු බලාගාර වහගෙන යනවා කියල.  


ඉන්දියාව ගල් අඟුරු වගේම ඉතා අඩු මිලකට  විදුලිය නිපදවන්න පුළුවන් න්‍යෂ්ටික බලාගාරත්  වැඩි ප්‍රමාණයකින් ඉදි කරන බව පේනවා මේ  ප්‍රස්ථාරේන්  . ඒ වගේම ද්‍රවකෘත  ස්වභාවික වායු ( L.N.G) බලාගාරත් වැඩි කරන්න බලාපොරොත්තු වෙන බව පේනවා.    මොකද අඩු මිලට   ස්ථාවර  විදුලියක්  ගන්න පුළුවන් ශක්ති ප්‍රභව තමයි ඒවා. ඔවුන්ගේ අරමුණ  කර්මාන්තවලට විදුලිය අඩුමිලට ලබා දීල තමන්ගේ කර්මාන්ත වෙන රටවලට වඩා ඉදිරියෙන් තියන්න.  ඉන්දියාව විතරක් නෙවෙයි මේ  කලාපේ අනිත් රටවල් වන  බංගලිදේශය , මැලේසියාව , වියට්නාමේ වගේ රට වලත් සැලැස්ම ඔය වගේ තමයි. 



ඒ වගේම ඉන්දියාව ඉදිරියේදී   ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් සුර්ය සහ සුළං බලාගාර වලිනුත් ගන්න බලාපොරොත්තු වන බව ඇත්ත.  නමුත්   කවුරුහරි කියනවනම් ඔවුන්  ගල් අඟුරු හෝ න්‍යෂ්ටික බලාගාර නොහද සුර්ය සහ සුළං බලාගාර විතරයි හදන්නේ කියල ඒක  අමුලික බොරුවක් බව පේනවා නේද?

අපිත් අනිවාර්‍යයෙන්ම   ඉන්ධන දහනයෙන් සිදුවන  පරිසරය බලපෑම අඩුකරන්න පුළුවන් උපරිම ( පද්ධතියේ සමතුලිත බව රැකගන්න පුළුවන්) සුර්ය සහ සුළං බලාගාර ප්‍රමාණයට පද්ධතියට එකතු කරගන්න ඕනි.  මේ දකුණු පැත්තේ තියෙන්නේ  ලං.වි .ම.  ඉදිරි අවුරුදු 20 ඇතුලත  පාලනකළ නොහැකි පුනර්ජනනීය විදුලිය පද්දතියට එකතු කරගන්න සැලැස්ම.
 ( Note:  මේ වනවිට  මේ සැලැස්ම මහජන  උපයෝගීතා කොමිසමේන්  නැවත හරවා එවල තියෙන්නේ. උපයෝගීතා  කොමිසමේ හිටපු කොමසාරිස් කෙනෙක්  ආණ්ඩුවේ අයතනනයකට  සුර්ය විදුලිය විදුලිය විකුනන්න  අල්ලස් දෙන්න ගිහින් වැටුන නඩුවක විස්තර පසුව බලාපොරොත්තුවන්න)

  දැන් තිබෙන ප්‍රමාණය පස් ගුණකයකින් වැඩිකරගන්න තමයි අදහස් කරන්නේ. සමහරු කියනවා  ඉන්දියාව  ගිගා වොට් (GW) ප්‍රමාණවලින්  සුර්ය බලය එකතු කරනවා  ලංකාවේ මදිනේ කියල. ඉන්දියාවේ තියෙන්නේ ලෝකේ විශාලම පද්ධතියක් නේ. ඉතින්  පද්ධතියේ ප්‍රමාණය සාපේකෂව බැලුවම ඉන්දියාව ගිගා වොට් (GW)  වලින් කරනදේම තමයි අපි මෙගා වොට් (MW) වලින් කරන්නේ. ( 1GW = 1000MW ).  මේ ප්‍රමාණය හදන්න  නිවාස වහල විතරක් මදි. විශාල ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඔය  උඩ  පෙන්නලා තියෙන ප්‍රමාණය හදන්නත්   නිවාස වහල විතරක් මදි. විශාල ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් අර සූර්ය බල ව්‍යාපාරිකයින් කියන විදියට  ශක්තිය  (නැතිනම් යුනිට් ප්‍රමාණයෙන්)   60-65 %  සුර්ය විදුලියෙන්  ගන්න නම් මේ වගේ තව 100 ගුනයක්වත් ඕනි වෙයි. ( ඉල්ලුම වැඩිවෙන කොට දැනට 30-35% ප්‍රතිශතයක් ලෙස තියෙන විශාල ජල විදුලිය වැඩි නොවන නිසා  ප්‍රතිශතයක් ලෙස 15% කට විතර අඩුවෙනවනේ. ඉතින්   80-15=65 ක් සූර්ය විදුලිය ගන්නනේ කතාව). ඒ වගේම   ශක්තිය ගබඩා කරන්න බැටරි සහ  ජලය උඩට පොම්ප කළහැකි ජල විදුලි බලාගාරත් හදන්න අති විශාල මුදලක් වියදම් වෙයි. ඉලක්ක  හදපු අය  නිකං ඉලක්කමක් කිව්වට මේවා බලපු පාටක් නෑ

එත්  ලංකාව වගේ දුර්වල ආර්ථිකයක්  වගේම  ඉතා කුඩා සහ වෙනත් රටවලින් හුදකලා විදුලි පද්ධතියක් ඇති  රටක් හැටියට  2030 දී 80% හෝ 100% පුනර්ජනනීය  විදුලියෙන්  රට දුවනවා වගේ  අතාත්වික   එල්ලයන් පසුපස හඹායාම සුදුසු නෑ. බලන්න මේ  ඉන්දියානු   ප්‍රස්ථාරේට අනුව  ඉන්දියාව පවා තබාගෙන ඉන්නේ  2040 වෙනකොට 40% ක් පුනර්ජනනීය විදුලිය වගේ තාත්වික එල්ලයක්. ලංකාව දැනටත් 46% පුනර්ජනනීය විදුලිය නිපදවන රටක් ( විශාල ජලවිදුලි  35% +  කුඩා ජලවිදුලි, සුළං සහ  සූර්ය 11%). ඉතින් ඒ අතින් 10% වගේ ඉන්න ඉන්දියාව , ලෝක පරිසරය රැකගන්න මිට  වඩා දායකත්වයක් දෙන්න ඕනි.

මිට අවුරුදු  කීපයකට කලින්  පුනර්ජනනීය විදුලිය ගැන තිබුණ ලොකු  සම්මේලනයකදී  දේශපාලනයට සම්භන්ධ ප්‍රසිද්ධ හිමිනමක් ඒ ශාලාවේ හිටිය  CEB  ඉංජිනේරුවන්ට කිව්වා ඔය ඇත්තන්ට තමයි මේ 100% පුනර්ජනනීය විදුලියෙන් 2030 දි  රටට විදුලිය දෙන්න තේරෙන්නේ නැත්තේ. ඔයාලට බැරිනම් අපි ඉන්දියාවෙන් හරි ඉංජිනේරුවෝ ගෙනත් මේක කරනව කියල. මෙහෙ අය විශ්වාස නැත්නම් ඉන්දියාවෙන්  හෝ වෙනත් රටකින්   සැලසුම් හදන්න පුහුණුව ලැබූ  ඉංජිනේරුවන් ගෙනත් සැලැස්ම සමාලෝචනය කළාට ප්‍රශ්නයක් නෑ.  පේනවනේ ඉන්දියාවේ මොකද වෙන්නේ කියල


ඒ වගේම  ඔය  අන්තර්ජාල බලශක්ති විශාරධයන් කියන විදියට  ස්ථාවර  විදුලියක්  ගන්න පුළුවන්  න්‍යෂ්ටික,   ගල් අඟුරු සහ එල්.එන් .ජී (LNG) බලාගාර  හදන එක නවත්වල අස්ථාවර විදුලියක් දෙන  සුර්ය සහ සුළං බලාගාර පමණක් වැඩි කරන්නේ ආර්ථික අතින් දියුණු,  ඒ වගේම අනෙක් රටවලට සම්බ්න්ධ සම්ප්‍රේෂණ පද්ධති තියෙන (පාලනය කල නොහැකි  ක්ෂණික වෙනස්වීම් වලට මුහුණ දීමට) , තව දුරටත්  විදුලි ඉල්ලුම ඉහල නොයන   යුරෝපයේ  ධනවත්  රටවල් තුන හතරක්  විතරයි   විතරයි කියලත් අපි දැනුවත් විය යුතුයි.


Translation: 

Some self-proclaimed energy experts ( Internet Power Experts)  who have no sense on  fundamentals of the subject called  ‘Power Systems’   claim that   “ the whole world is  moving towards the renewable sources like solar and wind and not constructing any more new Coal  Power Plants” 

( Note : when these baseless statements are challenged by us ordinary public assumes that CEB engineers are against Variable RE. No we say we should get maximum possible VREs. That is why CEB is constructing 100MW Wind Plant in Mannar which generate an unit around Rs. 8/- where as CEB pays Rs.22/- per unit for existing private Wind Plants in Puttalam. Also the main barrier against solar development in this country  is some of the influential solar vendors are against competitive tenders and lobbing for  prices in par this (Firm) Thermal Power. )

Let us see the graph above. It is the Indian  plan on   energy ( electricity) mix    up to  year 2040. The Coal share in the mix is indicated in brown colour.  [Note :The energy  generated is measured in units called Terawatt hours (TWhrs.) ( 1 TWhr  = 1,000,000,000 normal units measures in your electricity meter at home)]

As per the graph, India generates 1200 TWhrs of electricity using Coal in year 2020. In year 2040, it is going to be 2100 TWhrs, i.e energy from Coal in absolute terms will be increased by 1000 TWhrs. In other words the current amount to be increased  by about 70%.  When CEB engineers say at least another two more Coal Power Plants should be built to get rid of this economic crisis in the country, the so-called ‘experts’ says only foolish CEB engineers are talking about Coal Power in the world now. 

The so-called energy experts mislead the general public using the same information. As per the graph 68% ( 1200 out of 1750)  of electricity in India is  generated using coal. However same in 2040 is only  50% ( 2100 out of 4200).  The reduction in share from 68% to 50% is misinterpreted by so-called expert as ‘ moving away from coal power’. 

As per the graph , not only Coal, India is going to increase their  low cost ‘Firm Power’ ( controllable sources) base by adding more Nuclear and LNG power plants. Their plan must be to provide low cost energy to their industries . It is an essential factor to gain the competitive advantage of low cost of production over other countries. Not only India, other  fast developing countries in the region like Bangladesh, Malaysia, Vietnam etc.. also have similar power  & development plans. 

There is no  argument that in order to mitigate environmental effects due to burning of fossil fuel, we must inject maximum  possible ( which will not affect the stability of the tiny & isolated Sri Lankan  system)  renewable energy to the system. CEB plans to increase the existing  non-dispatchable  RE by five times by 2040.  Its true massive system in India is adding variable Solar & Wind GWs. But if you compare the system size , whats being done in SL in MW is same as India. As Sri Lanka is already above 46% of renewable energy and India close to 10%, they have to definitely  go an extra mile considering the world environment. 

Definitely it shouldn’t be unrealistic targets like 80% or 100% electricity from renewable energy by 2030. Please note that as per the above graph, even India is going to have about 40%  by RE in 2040, a more realistic figure for them. ( few years back,  in-front of all key persons in the sector, at  a large seminar on renewable energy held in BMICH,    a Thero who is in active politics told that only CEB engineers are reluctant to the (then) governments' target for  100%  electricity by renewable  by 2030 and went on to say ' if CEB engineers don't agree, we should get down engineers from India for this'.  Even today we have no objections if government wants to verify our plans by Indian experts who decided their plan.)

We should understand that  only very few wealthy countries in Europe which have lot of interconnections to neighboring  countries ( to overcome the intermittent of wind/solar) and  no significant increment in their demand ( or decreasing demand) increase their  solar and  wind share  in energy mix replacing Coal & Nuclear.  




Friday, May 29, 2020

Win-Win Solution to achieve 100% RE by 2030


Win-Win Solution to achieve 100% RE by 2030  

( this note is just to explore the true facts on some of the claims by lobby groups pressing the new government to follow aggressive Renewable targets following wealthy nations in Europe)

The instant demand of a power system is totally controlled by the customer. As customers, you don’t give call to the utility and  inform that you are  going to switch-on fan , water pump, AC etc. in advance.. at the time you switch it ON , utility has  to supply that demand. We can’t say you 'wait till we get rain or fuel ship, coal ship to arrive or wait till we get proper wind &  sunshine' . So the system should  have a good share of ‘Firm Power’ to provide the ever changing   demand which is  in your hand. On top of this, Sri Lanka is having a tiny , isolated power system which is not similar to large inter-connected systems available  in wealthy European countries ( to borrow power instantly in case of shortage)

It is bit difficult for us to explain  the general  public the difference between ‘Firm Power’  ( ex. Large Hydro with reservoir, Nuclear & Thermal Plants which are controlled by human)  and ‘ Non- Firm Power' ( ex. Solar & wind which depend on nature). The Internet Power Experts ( who depend on direct/indirect solar business and virtually living in Europe) know the difference ,  but tells lies to the innocent public . They simply say …There is nothing called Firm or Non-Firm – all are same . Or tell that ‘Non-firm’  can be converted ‘Firm’   with very small investment,  Battery prices are coming down sharply bla..bla..

If someone want to implement aggressive RE plans,  making variable solar and wind as the majour share of the system ( beyond the stability limits of this tiny isolated system),   solar and wind should also be converted to ' firm power'.

In case of  Solar,  to convert it to a ‘Firm’ energy source , you need to have Battery Banks or Pump Storage Hydro Power plants ( a special  hydro power plant which operate with  two large reservoirs) . Pump storage is the best option but if you take  Upper Kothmale and even ongoing hydro projects as examples, it takes 12-15 years to realized the project  , mainly due to the protests from environmentalist / local politicians and NGOs. On the other hand most of the  existing hydro schemes  are multi-purpose ( drinking,  agriculture & power which gives priority to drinking water during dry season).  In case of Pump Storage  it will be exclusively for power generation and all capital investment should be absorbed by the unit of  electricity.

With this  “80-100%  RE by 2030 @  at any cost target,  primary objective of this small  country seems to be saving the  entire world from Climate Change ? Proud to be a Sri Lankan !!!

However in that case   we can’t wait for another  15 years until these inefficient CEB engineers to construct large reservoirs. So Battery storage is the swiftest solution. Our Internet Power Experts continuously say all wealthy countries aggressively  going for Solar + Battery to save the world from climate change . If it is the world trend... why not we join.? We should also jump to the boat & lead the trend!!

But the innocent general  public should know  the real situation. The same vendors who says solar + battery is cheaper than other conventional firm power ( quoting thousands of web articles)  demanded for  exorbitantly high   prices when CEB call tenders.

In  2019, CEB called Expression of Interest to supply Solar/Wind +  Battery system. Here are the prices offered by these environment friendly , low cost  vendors backed by  Internet Power Experts.

Tender -1 : Battery Capacity-2.5MW (5MWh to be discharged in the night peak from 18.30hrs – 20.30hrs as per CEB request)
Proposal No
Tariff
1
Rs. 78.80
2
Rs. 75.00
3
Rs. 47.98


Tender -2  Hybrid Power System - Wind, Solar, Battery  capacity-5MW, 10MWh to be discharged in the night peak from 18.30hrs – 20.30hrs
Proposal No
Tariff
1
Rs. 88.87
2
Rs. 98.48
3
Rs. 54.98

Please note that the in case of solar , above prices are for charging the battery during entire daytime and release that total energy within a 2 hr period during night.
Solar vendors often blame CEB for paying Emergency Diesel Rs.28-29 per unit in short term. Em. Diesel is very bad though  it is Firm Energy and can't be compared with Variable version of Solar price. I personally believe   if  Solar +  Batt can come at least for Rs. 30/- per unit  for 1st 5 years and less than Rs. 20/- later, its worth considering them for 20 year contract. (Note: these are only thumb-rule figures without any cost analysis pl. ) 

CEB is supplying to Industrial Customers an electricity unit in the range Rs. 11-15/= .  ( CEB average cost of production of an electricity unit  over Rs. 22 now and Av . selling price is just above Rs.16). Even at this price, Sri Lankan products have become noncompetitive in the international markets due to advantages available (including low cost of electricity) for investors   in other countries like India, Bangladesh and Vietnam. Under this situation is PUCSL going to increase the tariff  just to pay exorbitant prices for solar vendors. ( Note: PUCSL has never declared cost- reflective tariff although that is one of their primary responsibility and all these losses  are pumped from tax payers money by the government) .  The government must look-after all the industries, not only RE industry just because they are making a big noise for their own personal advantages? Isn't it? 

However there is a win-win solution as well . PUCSL can declare a special  tariff  for aggressive RE lovers. For example the  rich  segment of the people in the country ( including these Internet Power Experts) whose primary objective is not to eradicate  poverty but to follow the world trends can pay a higher price. The utility must ensure that electricity  supply to them shall be only using variable renewable sources like Solar & Wind. Utility will be just a vehicle to transport   energy from Solar/Wind Plants  to wealthy customers.  The Unit Cost  should be  'firm version' of these VRE ( as indicated in above tables) .  PUC can revise the tariff  based on the actual costs in every 6 months.  As these experts  are very sure that by 2030 these costs become 20-30% of the existing due to rapidly decreasing Solar, Wind & Battery prices,  they will be the real winners by 2030. The poor customers like you & me , industries will also be able to switch to VRE ( firm version) and afford the  prices if it become really low. We all will be winners   by that time !!! 

NB:
Do you still believe there is no difference between firm vs variable power  pl watch this

https://www.youtube.com/watch?v=ObvdSmPbdLg&feature=share

Finally if you are still not sure that overall  electricity price of a country goes up with aggressive addition of variable RE  ? Then read these please

https://www.forbes.com/sites/michaelshellenberger/2018/04/25/yes-solar-and-wind-really-do-increase-electricity-prices-and-for-inherently-physical-reasons/#3457ad3917e8

https://www.forbes.com/sites/michaelshellenberger/2018/04/25/yes-solar-and-wind-really-do-increase-electricity-prices-and-for-inherently-physical-reasons/#3457ad3917e8


Saturday, May 16, 2020

Planet of the Humans


මයිකල්  මුව' ගේ Planet of Humans චිත්‍රපටය හරිම අමුතු නැවුම් ආකාරයේ එකක්.   පරිසරය රැකගැනීමට මුවාවෙලා  මිලියන බිලියන ගණන් හම්බ කරන ව්‍යාජ පරිසර හිතකාමී  ජරාජීර්ණ ව්‍යාපාර ගැන ඉතා තියුණු හෙළිදරව්වක්  මේකෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම  අපි බොහෝ දෙනෙක් අහන්න අකමැති නමුත් සැබෑ පණිවුඩයක් මේකේ තියෙනවා. ඒ කියන්නේ  ඉන්ධන දහනය නිසා සිදුවන පරිසර දුෂණය නැතිනම් කාලගුණ විපර්යාසය , සුර්ය,  සුළං බලාගාර හෝ දර පිලිස්සීමෙන්  (bio mass) නැතිකරන්න බෑ කියන එක. මේක බලපු බොහෝ දෙනෙක් මෙන්න මේ පරම සත්‍ය අවභෝධ කරගෙන තිබුණ . "සැබෑම   පරිසර හිතකාමී  බල ශක්තිය  යනු  භාවිතය  නැවතිමයි - වෙන විකල්ප නොමැත" . ඒක ඉංග්‍රීසි භාෂාවෙන් මෙහෙම ලියල තිබුන එක් නරඹන්නෙක්  .  The only "Green Energy" is not using energy- JUST SAT NO TO CONSUMING 

මේ  චිත්‍රපටිය "ඊනියා- ග්‍රීන් මාෆියාවට"   මරු පහරක්. ඒ නිසා මේක  තහනම් කරන්න ලොකු බලපෑමක් තියෙනවා පරිසර හොරුන්ගෙන්. ඒ නිසා ඉක්මනට බලන්න. චිත්‍රපටිය   පැය 1යි විනාඩි 40ක් දිගයි. මම නම්  Download  කරගත්තා. ඕන කෙනෙකුට CD එකක්  එවන්න පුළුවන් මගේ වියදමින් ඩේටා ගැන ප්‍රශ්නයක් තියේනම්.   ( යට තියෙන  comment දන්න පුළුවන් තැන ලිපිනය  දාන්න) 

 මේක තමයි  යු ටියුබ් ලිනක් එක.
https://www.youtube.com/watch?v=SFbKU6U7ER8&fbclid=IwAR1csWtb-0mPMBSvbBlYvljlhNzCI3QEG38Jb8W13QMSO_DvS7mC3-dUXMM
If this link does not work just search
Planet of Humans  in Youtube

 Now lobby groups have managed to remove the film from You Tube. See the comment by produces on that


Planet of the Humans director Jeff Gibbs said he was working with YouTube to resolve the issue and have the film back up as soon as possible.
He said in a statement: “This attempt to take down our film and prevent the public from seeing it is a blatant act of censorship by political critics of Planet of the Humans. It is a misuse of copyright law to shut down a film that has opened a serious conversation about how parts of the environmental movement have gotten into bed with Wall Street and so-called “green capitalists.” There is absolutely no copyright violation in my film. This is just another attempt by the film’s opponents to subvert the right to free speech.”

තව කෙටි හඳුන්වා දීමේ වීඩියෝ දෙකක් මේ ලින්ක් වලින් බලන්න පුළුවන්.


පසු සටහන : අපේ රටේ ඉන්න බොහොමයක්  පරිසරවේදීන්  කිසිදු පුද්ගලික  ලාභයක්  බලන්නේ නැතිව  ඇත්තටම  රටේ නැත්නම් ලෝකයේ  පරිසර හානිය වලක්ව ගන්න සත්භාවයෙන් දිවා රෑ නොබලා වෙහෙසෙනවා. ඒක උතුම් පැසසිය යුතු කාරණයක්. එත් මේ අතරේ සුළු පිරිසක් ඉන්නවා ඉතා භයානක විදියට , පරිසර රැකීමේ වෙස් මුහුණට සැඟවිලා , තමාගේ  බඩ රැකගන්න අති භයානක වැඩ කරන. සංවර්ධන වැඩ කඩාකප්පල් කරල    රටේ අනාගතය අඳුරු කරන්න උත්සහ කරන දේවදත්තල,  අනාගත අඩු වියදම් බාලාගාර නඩුදාල නවත්වන්න  පිඹුරු පත් සකසමින් ඉන්නවා මේ  දවස්වල.  මේ අයගේ  එලියට පෙන්න තියෙන මුහුණ නෙවෙයි ඇත්තට තියෙන්නේ. ලංකාවේ  ග්‍රීන් මාෆියාවේ  කිහිප දෙනෙක් ගැන සැබෑ තතුත් මේ වගේම නොබෝ දිනකින් එලියට එයි.

Tuesday, April 28, 2020

නොරොච්චෝලෙන්  ඇසිඩ් වැසි  එයිද? 

නොරොච්චෝල  ලක්විජය ගල්අඟුරු  බලාගාරයට   විරුද්ධව  සමහර  බටහිර රටවලින් යැපෙන  රාජ්‍ය නොවන සංවිධාන වලින් කරන  අභූත චෝදනා නිමක් නෑ . බලශක්ති නැතිනම්  පරිසර   විශාරධයින් ,  ලෙස තමාම හඳුන්වා ගන්න  සමහර  පුද්ගලයින්  පොදුවේ රටේ තියෙන සැබෑ  පරිසර ප්‍රශ්න කිසිවක් ගැන කතාකරනවා පේන්න  නෑ . නමුත්  බලගාරේ වැට මායිමට වෙලා බල ඉන්නවා අළු දුවිලි පොදක්  එනකන්.  තවත් සමහරු  කිසිම විද්‍යාත්මක පදනමක් නැතිව කියනව කොළඹ විතරක්  නොවෙයි , නාවලපිටිය වගේ ප්‍රදේශවල  වායු දුෂණයට පවා ලක්විජය බලාගාරය වග කිව යුතුයි කියල.

ඉතින් කොරෝනාව නිසා   කොළඹ විතරක් නෙවෙයි මුළු ලංකාවේම  රථ වාහන ධාවනය හොඳටම  අඩුවෙලා ,  වෙනත් කර්මාන්තශාලා වැහිලා තියෙත්දී , ලක්විජය බලාගාරය 900MW  පුර්ණ ක්‍රියාකාරිත්වයකින්   ක්‍රියාකරමින්,   රටේ විදුලි අවශ්‍යතාවයෙන් 50- 60% පමණ  ප්‍රමාණයක්  ලබාදෙමින් තිබුන මේ  කාල වකවානුවේදී අන්තර් ජාතික ආයතන  මගින්  අන්තර් ජාලයේ  වායු දුෂණය  පිලිබඳ  ලබාදෙන තොරතුරු   ආධාරයෙන්  රටේ වායු දුෂණය ගැන   පොඩි අධ්‍යනයක් කලා.  ඉතින්  ඒ තොරතුරු  කෙටියෙන් මෙහෙම කියන්න පුළුවන්.

සමහර පරිසර ක්‍රියාකරින්  මහජනතාව , බෞද්ධයින්  බය කරනවා බලාගරෙන් විශාල වශයෙන්  සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පිටවෙනවා , මේවා ඇසිඩ් වරුසාව හැටියට  වැටිලා ශ්‍රී මහා බෝධියට පවා බලපානව  කියල.

මේ තියෙන්නේ  ලෝකයේ ඕනෑම තැනක සල්ෆර් ඩයොක්සයිඩ් වායුව බලාගන්න පුළුවන් වෙබ් පිටුවක්. 


SO2 around Sri Lanka


 මේකෙන් ඔයාලටම බලාගන්න පුළුවන්  ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. නයිට්‍රික් ඔක්සයිඩ් බලාගන්නත් මේ වගේම පුළුවන්. මේ පින්තුරේ ගත්තේ 2020 අප්‍රේල් මාසේ , ලක්විජය බලාගාරේ  900MW  ජනනය කරන දවසක.  
මේකේ දුඹුරු පාටින් පෙන්වන්නේ  සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. දම් පාටින් පේන තැන්වල දුෂණය සාපේක්‍ෂව  වැඩියි.  මේ පින්තුරේ මුහුදේ නැව් වලින් පිටවෙන වායුව පවා පැහැදිලිව පේනවා. ඔය ලංකාව යටින් තියෙන නැව්  මාර්ගය  තමයි  දුඹුරු පාට පාර  වගේ පෙන්න තියෙන්නේ.  හොඳින් බැලුවොත් අනිත් නැව්  මාර්ගත් බලාගන්න පුළුවන්.

SO2 in Sri Lanka
දැන් අපි ලංකාවේ තත්වය මේකෙන් බලමු. මේ පින්තුරේ ගත්තේ 2020 අප්‍රේල් මාසේ 6 වෙනිදා , බලගාරේ 900MW  පුර්ණ ක්‍රියාකාරිත්වයකින්  තිබුන වෙලාවක.  ලක්විජය බලගාරේ අවට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පෙන්වන්නේ   ඝන මීටරයට මයික්‍රෝ ග්‍රැම් 0.57 වශයෙන්.  අපිට හොඳට පේනවා මේ දවස්වල වාහන අඩු උනත් කොළඹ ගම්පහ වගේ ප්‍රදේශවල  මේ අහිතකර වායුව වැඩි වශයෙන් තියෙන ආකාරය. ඒ අවස්ථාවේ  කොළඹ අගය වෙන්නේ 12.59 වශයෙන්.  ඒ වගේම තමයි  නැව් මාර්ගය සහ රථ වාහන නිසා මාතර ප්‍රදේශයේ  එම අගය 5 ටත් වැඩ වැඩියි. ඒ කියන්නේ ගාල්ල මාතර ප්‍රදේශයේ  සල්ෆර් ඩයොක්සයිඩ් වායු ප්‍රමණය  පුත්තලමට වඩා දහ ගුණයකයකින් විතර   වැඩියි. ඉතින් මෙයින් හොඳටම පැහැදිලි වෙනවා , ලක්විජය බලාගාරෙන්  ඇසිඩ් වර්ෂාව හැදෙන ප්‍රමාණයට  සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පිට කරන්නේ නෑ  කියල. බලාගාරේන්  එලියට එන දහන වායුවේ තියෙන  අහිතකර වායු, අළු ආදිය පෙරලා පරිසරයට මුදාහරින නිසා රථවාහන නැව් ආදියෙන් නිකුත්වනවට වඩා අඩු ප්‍රමාණයක් තමයි පරිසරයට මුදාහරින්නේ. මේ අගයන් සුළං ප්‍රවාහය, වර්ෂාව වගේ දේවල් නිසා වෙනස් වෙනවා. ඔබටත් පුළුවන් මේ වෙබ් පිටුවට ගිහින් දවස් කීපයක අගයන් අරගෙන බලන්න. 


වායු දුෂණය ගැන කථා කරත්දි  වාතයේ තියෙන  පාවෙන දූවිලි අංශු ප්‍රමාණයත් සලකා බලනවා. ගොඩක් අයගේ  හතිය වගේ පෙනහළු ආශ්‍රිත රෝගවලට දූවිලි බලපානවා.  වාතයේ  තියෙන දුවිලි, අහිතකර වායු සියල්ල සලකල වාතයේ තියෙන ගුණාත්මක බවයන් ගැන විස්තර නොමිලේ ලබාදෙන ආයතන තියෙනව.  NASA  වගේ ආයතනත්  නොමිලේ මේ තොරතුරු  අන්තර්ජාලය හරහා ලබාදෙනවා. ඒ වගේ ලෝකේ ඕනෑම තැනක  වායු තත්ව දර්ශකයක්  [  Air Quality Index  ( AQI)]   මෙන්න මේ  වෙබ් පිටුවෙන් බලාගන්න පුළුවන්.  



April 6,2020
1) මේ පින්තුරය  ගත්තේ  ඇඳිරි නිතිය දාල තිබුන  2020 , අප්‍රේල්  6 දවසේ.  ලක්විජය බලාගාරේ  900MW  නිෂ්පාදනය කරන වෙලාවක් . නමුත් පුත්තලම ප්‍රදේශයේ  වායුව කොළඹට වඩා  ගොඩක් හොඳයි.  මේ දර්ශකයයේ  කොලපාට  (  හෝ වැඩි  ලකුණු ප්‍රමාණයක්) පෙන්වනවා නම්  වායුව හොඳයි.  රතු පාට ( හෝ අඩු ලකුණු ප්‍රමාණයක්) පෙන්වනවානම්  වාතය හොඳ මට්ටමක නෑ .  ඇත්තටම ගත්තොත්  කොළඹ වායු දුෂණය තමා පුත්තලම දක්වාම බලපාල තියෙන්නේ කියල පේනවා. 




2) මේ තියෙන්නේ  අප්‍රේල්  8 වෙනිදා  රෑ  බස්නාහිර පළාතට හොඳ  වැස්සක් වැටුනට පස්සේ දැක්ක විදිය.  මේක තමයි  මං දැක්ක හොඳම  පින්තුරේ.  වැදගත්ම දේ තමයි ලක්විජය බලාගාරේ  පුර්ණ ක්‍රියාකාරිත්වය තිබුනත් පුත්තලම ප්‍රදේශයේ  වායු තත්වය  70 ක් වගේ ඉතා හොඳ අගයක් තිබීම. බලාගාරේට එල්ලවෙන  වායු දුෂණ  චෝදනා සියල්ල බොරු කියල  මේකෙන් පැහැදිලි වෙනවා නේද?  කොළඹ තිබුන දුෂිත වාතය සුළඟ නිසා මධ්‍යම කඳුකරයට දිශාවට ගමන් කරපු බවත් පෙන්න තියෙනව.

April 8,2020



3 ) ඇඳිරි නිතිය ටිකෙන් ටික ලිහිල්  වෙද්දී  දිනෙන් දිනම කොළඹ වායු දුෂණය ඉහල යනවා පෙනුන . අප්‍රේල් 16 දවල්  මේ වගේ අමුතුම පින්තුරයක් තිබුනේ.  කොළඹ විතරක් නෙවෙයි , පුත්තලම ප්‍රදේශයත්  රතු පාටයි. පෙනුමට නම් ලක්විජය බලාගාරයත් අවට වාතය දුෂණය කරනවා වගේ?  

April 16, 2020

නමුත්  එදා තිබුණ  සුළං රටාව ( නිල් පාට  පින්තූරය ) නිරීක්ෂණය කලාම පේනවා , කොළඹ අවට මුහුදේ තියෙන දුෂිත වාතය , සුළඟට පුත්තලම ප්‍රදේශයට අරන් ගිහින් කියල. ඉතින් ඔබ අර  වෙබ් පිටුවට ගිහින්  බැලුවම  පුත්තලම මන්නාරම  ප්‍රදේශවල රතුපාට දැක්කම   එකපාරම  නිගමන වලට එන්න එපා. වාතයේ තත්වයත් , සුළං හමන රටාවත්  අධ්‍යනය කරන්න ටික දවසක් හරි. මොකද ඒ දුෂිත වාතය කොළඹ හරි ඉන්දියාවේ ඉඳල එන ඒවා බොහෝදුරට.  මොකද  පුත්තලම වායුව දුෂණය වෙන්න  ලක්විජය බලපනවානම්  බලාගාරේ   දිගටම දුවපු නිසා  මුලින් තිබුණ  ( අප්‍රේල් 6-7 ) වගේ පින්තූර එන්න විදියක් නැනේ. 

මෙන්න මේ  වෙබ් පිටුවලින් හුළං  හමන විදිය බලාගන්න පුළුවන්.



4) අප්‍රේල්   19 වෙනිදා  දර්ශනයෙන්   3) දී  කියපු කරණය තවත්  තහවුරු වෙනවා. . එදා  සුළඟ  උතුරු සහ දකුණු ප්‍රදේශවලින් හමා ඇවිත්  කොළඹ හරහා රට ඇතුලට ගලා ඇවිත්   රථ වාහන නිසා ඇතිවුන දුෂිත වාතය  කඳුකරය දක්වාම රැගෙන ගිහින්.  මෙන්න මේ වගේ දවස්වල  තත්වය දැකල වෙන්න ඇති අර ඊනියා  පරිසරවේදීන්  ලක්විජයේ බලපෑම නවලපිටියත්  එනවා කියල  බොරු නිගමන වලට එන්න ඇත්තේ.? 

April 19, 2020


5) මේ අප්‍රේල්  20 වෙනිදා තිබුණ විදිය.   කොළඹ ප්‍රදේශයේ  රතුපාට  ගාල්ල දක්වාම  විහිදිලා ගිහින්.  පුත්තලමේ තත්වය  ඉතා හොඳයි.  සුළං ප්‍රවාහය  බැලුවම පේනවා මොකද උනේ කියල. 

April 20,2020
මේ අනුව  අපිට  හොඳින්ම පේනවා රටේ වායු දුෂණයට ප්‍රධාන වශයෙන්ම  හේතුවන්නේ රථ වාහන කියල.  ඒ නිසා වායු දුෂණය අඩුකරන්න  නම්  ප්‍රවාහන සේවා  දෙසට තමා  වැඩි අවධානයක් යොමු කරන්න ඕනි. බලාගාර වල   වැඩි කාර්යක්ෂමතාවකින්     ඉන්ධන දහනය සිදුවන නිසා සහ  දුෂණය පාලනය කරන ක්‍රම භාවිතා කරන නිසා , සමස්ථයක් වශයෙන් වාහන වලට සාපේක්ෂව  අඩු දුෂණයක්  තමා වෙන්නේ.

 ඉතින් අපිට කරන්න තියෙන හොඳම ක්‍රියාමාර්ගය තමයි,  රටේ පොදු ප්‍රවාහන සේවා දියුණු කරලා  , පොදු සහ පුද්ගලික වාහන  උපරිම වශයෙන්  විදුලියෙන් ධාවනය කරන එක .  මේ සඳහා අවශ්‍ය  විදුලිය ලක්විජය වගේ අඩු වියදම් බලාගාර වලින් නිෂ්පාදනය කලොත් අපිට ඉතිරිවෙන මුදලින් පොදු ප්‍රවාහන සේවා දියුණු කරන්න පුළුවන්.  ලෝකයේ  බොහෝ දියුණු රටවල් ඒ මාර්ගයේ තමා ගිහින් තියෙන්නේ.  වායු දුෂණය අවම කරන්න අපි ඒ වගේ ක්‍රමානුකුල  ගමනක් යනවා වෙනුවට ,   NGO  වලින් යැපෙන  බටහිර පන්නයේ   ව්‍යාජ  පරිසරවේදීන්  කියන විදියට  මුලින්ම අඩුවියදම්   බාලාගාර වහල දාල  හරියන්නේ නෑ . ඒක හරියට අර  වත්තේ අඹ විකුණලා දියුණුවෙන විදිය කලපනා කරපු මෝඩ මනුස්සයෙක්  ,ව්‍යාපාරේ පටන් ගන්නත් කලින් , තමන් දියුණුවුණාට  පස්සේ  යන එන,  හිතේ මැවුන කාර් එක ඇතුලට ගන්න ඉඩමදී කියල අඹ ගහ කපුවා වගේ වැඩක්. 

.................................................................................................................................................................................
ඇඳිරි නීතිය නිසා රටේ වායු දුෂණය අඩුවීම පිලිබඳ   2020 මැයි 03 වෙනිදා  සිළුමින  පුවත් පතේ  පළවූ  ලිපිය